තවත් නව සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පත්කර ඇත. අද (08)දින හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා වැඩ භාරගැනීමට නියමිත බව සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර තිබෙන බව වාර්තා වේ.