*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

අපි ජන්දෙට එන්නේ ශක්තිමත් කණ්ඩායමක් එක්ක – කින්ස් නෙල්සන්

කොළඹ LNW:ඉදිරි මහා මැතිවරණයට සමඟි ජන බලවේගයෙන් හා සමඟි ජන සන්ධානයෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවසුවේය.

ඒ, අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන් විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමඟ එක්ව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා අප්‍රසාදයට ලක් නොවුණු පිරිසක් සමඟි ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා කර තිබෙන බවද ඔහු සඳහන් කරන ලදී.

” ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව මහ මැතිවරණයට ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වන විට නාමයෝජනා අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. සමගි ජන බලවේගයෙන් සහ සමගි ජන සන්ධානයෙන් ශක්තිමත් කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒ නිසා නොවැම්බර් මස 14 වෙනිදා පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහ සමග ජන සන්ධානයට සහාය ලබාදෙන්න කියලා අපි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන් විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමඟ එකතුවෙලා සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා අප්‍රසාදයට ලක් නොවුණු පිරිසක් සමග ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තරග කරන්නේ කවුරුන්ද කියලා ඔවුන් තවම ප්‍රකාශ කරලා නෑ. මාලිමාවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ කවුරුන්ද කියලා ගම්වල ජනතාව තවම දන්නේ නැහැ. නමුත් සමගි ජන බලවේගයෙන් හිටපු කණ්ඩායම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔවුන් රටේ ජනතාව සමඟ ඉතාම සමීපව කටයුතු කළ දේශපාලනඥයින්. ජනතාවත් දන්නවා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන්ද කියල. ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන් පිළිබඳව රටේ ජනතාව තුළ තිබෙන්නේ ප්‍රහේලිකාවක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමත් සමගි ජන බලවේගයට අභියෝගයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිලින්ඩරයට නායකත්වය දුන්නේ රට බංකොලොත් කළ කණ්ඩායම. ඔවුන්ට ඡන්දය දෙන්න එක්සත් ජාතික පාක්ෂිකයන් සූදානම් නැහැ. ගම්වල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අද සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන සිටිනවා.‘‘ යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan