*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

කවුරු රට පාලනය කළත් රටත් ජනතාවත් ගොඩ ඒමට නම් ආර්ථිකය වර්ධනය කළ යුතුයි – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ආර්ථිකය ක්‍රියාත්මක වන විට උද්ධමනය අඩුවන විට පීඩනකාරි ක්‍රියා අවම වී ආර්ථිකය ශක්තිමත් වන බවත් මෙවැනි ආර්ථික වර්ධනයක් වේගයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් එයට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2033 සිට ණය ගෙවීම ප්‍රමාණවත් යැයි පැවසුවත් හිටපු රජය සහ ජනාධිපතිවරයා 2028 සිට එය ගෙවීමට පොරොන්දු වූ නිසා 2028 සිට ණය ගෙවිමට සිදුවන බවත් එවැනි අමනෝඥ තීන්දුවක් ගත් එවක රජය ආර්ථිකය කුඩා කිරීම සිදු කළ බවත් ඒ නිසා කර්මාන්තශාලා කඩා වැටීම, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා කඩා වැටුණු බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජියත් ආදීන් සමඟ හමුවී ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කර ආසියානු සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් ලබා ගැනීමට තමන්ට හැකි වූ බවත් කවුරු මේ රට පාලනය කළත් රට ගොඩගන්නට නම් ජනතාව ගොඩ ඒමට නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කැස්බෑවේ දී සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

මෙය එක එක අය සිදු කරාවි කියා අපේක්ෂා කළ නොහැකි බවත් සියලු දෙනා ම එකට එකතු වී ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් රටක් ලෙස ගොඩනැගිය යුතු බවත් සමගි ජන බලවේගයේ ගමන වන්නේ ආර්ථික වර්ධනය බවත් සෑම වෙලාවේදී ම රටට මුල්තැන ලබා දෙන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාවගේ ජනජීවිත ශක්තිමත් කරන ප්‍රගතිශීලී රාජ්‍ය පාලනයකට යොමුවිය යුතු බවත් ඒ තුළ ආර්ථිකය ශක්තිමත් කර ආර්ථිකය තුළ ඇති ආර්ථික ක්‍රියාවලි ජවසම්පන්න කර ආර්ථික වර්ධන වේගය ශීඝ්‍ර ලෙස ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවත් සඳහන් කළේය.

එසේ ම තව වසර 4කින් ණය ගෙවිය යුතු බැවින් මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් මේ ණය ගෙවීමේ විරාමය තුළ වාර්ෂිකව ගෙවිය යුතු ණය ගෙවීමට අප රට තුළ ප්‍රමාණවත් විදේශ විනිම සංචිත තිබිය යුතු බවත් ඒ සඳහා ඇති එක ම වැඩපිළිවෙළ වන්නේ ආර්ථික වර්ධනය, රැකියා බිහි කිරීම, සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කිරීම හා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත වැඩසටහනකට යොමුවීම බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මේ පීඩනය මතු පරපුරට නොදිය යුතුයි

මේ වන විට රටේ ජනතාව මුහුණ දෙන පීඩනය මතු පරම්පරාවට ලබා නොදිය යුතු බවත් වාදභේදවලින් තොරව රටේ ඉදිරි ගමනට ආර්ථිකය ශක්තිමත් කරන ගමනට නායකත්වය ලබා දිය යුතු බවත් ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තව ද රට ගොඩනගන චින්තනය දර්ශනය නිපුණතාව හා කුසලතාව ඇති කණ්ඩායම සිටින්නේ තමා සමඟ බවත් රටක් ලෙස යන ගමනේ දී රැකියා උත්පාදනයට මුල්තැන දිය යුතු බවත් ඒ තුළින් රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවත් ඒ තුළින් ආදායම් මාර්ග බිහි වීම, අතමිට සරුවීම, ඒ තුළින් පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම නිෂ්පාදනය හා අපනයනය සිදුවන බවත් ඒ තුළින් තරුණ අසහනය පවා අවම වන බවත් ඒ සඳහා මේ ක්‍රියාවලියට නායකත්වය ලබා දීම සමගි ජන බලවේගය සිදු කරන බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan