*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

ලබන වසරේ ඖෂධ හිඟයක් එන්න පුළුවන් – චමල් සංජීව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී,වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසා සිටියේ, හිටපු සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ විසින් ඉදිරිපත් කරනු ලැබූ ඖෂධ ගෙන්වීමට අදාළ ආන්දෝලාත්මක කැබිනට් පත්‍රිකා නැවත යම් සංශෝධනයන්ට ලක් කර එම නිලධාරීන් විසින්ම වර්තමාන සෞඛ්‍ය ඇමතිවරිය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවට සැකයක් පවතින බවයි. 

එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ 2025 වසර සඳහා දේශිය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනිම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේපවිම හරහා එය මානව පැහැදිලි වන බවය.

“ලබන වසරට (2025) අදාළ ඖෂධ සැපයුම් ජාලය ආරම්භ වීමට නම් මේ වන විට අදාළ සැපයුම් සම්බන්ධ ඇනවුම්, ප්‍රසම්පාදන යාන්ත්‍රණ, මිලදී ගැනීමේ යාන්ත්‍රණ ඇතුළු සියලු කරුණු පිළිබද අධික්ෂණයට ලක් විය යුතුව තිබේ. එහෙත් එවැනි කරුණු නොසලකමින් මේ දක්වාම ලබන වසරට අදාළ ප්‍රසම්පාදන යාන්ත්‍රනය කරන්න තියෙන අවස්ථාවන් මගහැරී යමින් පවතිනවා මේ ආකාරයේ ප්‍රශ්න සහගත කැබිනට් පත්‍රිකාවන් ඇමතිවරියව හෝ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හෝ යම් ආකාරයකට නොමග යවමින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට දරන උත්සාහය. එම නිසා වසර ගණනාවක් අඛණ්ඩව සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය සැපයුම් පද්ධතිය බිද වැටුනේ ඇයි කියලා සොයා බලන්න ඕන. එකවර තෝරාගත් සමාගම් කිහිපයකට පමණක් සාමාන්‍ය ප්‍රසම්පාදනය උල්ලංඝනය කරලා කැබිනට් පත්‍රිකා හරහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සිදු කරපු අන්දමටම ඖෂධ ගේන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. ඒ වගේම තමයි ලබන වසරට අවශ්‍ය ඖෂධ සැපයුම් ජාලය නිසි පරිදි ක්‍රියාත්මක වුනේ නැත්තම් ලබන වසරේ ඖෂධ හිඟයක් එන්න පුළුවන්.” ලෙස පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan