සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 09, (LNW) කොළඹ :
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට අනුමැතිය දීමට ක්‍රීඩා අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ක්‍රියා කර තිබෙනවා.
ඇය විසින් ජාතික කණ්ඩායමකට අනුමැතිය දුන් පළමු අවස්ථාව ලෙස සැළකිය හැකි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව අවසාන විස්සයි විස්ස තරග සඳහා ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරද්දී සංචිතයේ සිටි දසුන් ශානක සහ දුශ්මන්ත චමීර කණ්ඩායමෙන් ඉවත් කරන්නට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනාගේ හිස් තැන පුරවන්නට මේ මොහොතේ දී කණ්ඩායමට කැඳවා ඇත්තේ අසිත ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂයි.