රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ (LNW):
මේ වනවිට පිටකොටුව තොග වෙළෙඳපොළේ සුදු සීනි තොග මිල අඩු වී ඇති බව වාර්තා වේ. සීනි ආනයනකරුවෝ පවසන්නේ, පසුගිය දිනවල රුපියල් 250 – 260 වශයෙන් පැවති සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 235 දක්වා පහත බැස ඇති බවයි .
ආනයනකරුවෝ සඳහන් කරන්නේ, විශේෂයෙන් ඩොලරයේ අවප්රමාණය වීම සුදු සීනි තොග මිල අඩුවීමට හේතු බවයි.
වැඩිදුරටත් ආනයනකරුවෝ සඳහන් කර සිටියේ, මේ අවස්ථාවේ සුදු සීනි තොග මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබා දිය යුතු බවයි.