උප සහරා අප්‍රිකාවේ මිලියන 79කට අධික ගැහැණු දරුවන් දුෂණයට ලක්ව ඇත – UN

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියට අනුව, උප සහරා අප්‍රිකාවේ මිලියන 79කට අධික ගැහැණු දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර ලිංගික අතවරවලට හෝ දූෂණයට ලක්ව ඇති බව වාර්තා කර තිබේ.

බදාදා(09)දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ වාර්තාවකට අනුව 2010 – 2022 දක්වා කාලය තුළ උප සහාරා අප්‍රිකාවේ වැඩිම වින්දිතයින් සංඛ්‍යාවක් ඇති අතර, ගැහැණු ළමයින් සහ කාන්තාවන් මිලියන 79 ක් පීඩාවට පත් වූ අතර, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ මිලියන 75 ක්, මධ්‍යම සහ දකුණු ආසියාවේ මිලියන 73 ක්, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ මිලියන 68 ක්, ලතින් ඇමරිකාවේ මිලියන 45 ක් පීඩාවට පත්ව ඇති අතර කැරිබියන්, උතුරු අප්රිකාවේ සහ බටහිර ආසියාවේ මිලියන 29 ක් සහ ඕෂනියාවේ මිලියන 6 ක් ලෙස සඳහන් කර තිබේ.

ගෝලීය වශයෙන් UNICEF ඇස්තමේන්තු කර ඇත්තේ ලිංගික හිංසනය මිලියන 370කට පමණ බලපා ඇති බවත්, එසේත් නැතිනම් අට දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික දුෂණයට හෝ හිංසනයට ලක්ව ඇති බවයි. එමෙන්ම පිරිමි දරුවන් මිලියන 240ක් හෝ සැ ම 11 දෙනෙකුගෙන් එක් අයෙකු ළමා කාලය තුළ දූෂණයට හෝ ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.

මේ තත්වය සමබන්ධයෙන් යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් සඳහන් කර තිබුණේ, “ ස්ත්‍රී දූෂණ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය බොහෝ විට යුද්ධයේ ආයුධ ලෙස භාවිතා කරන බවත්, දරුවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය අපගේ සදාචාරාත්මක හෘදය සාක්ෂියට කැළලක්,” වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...