ගලගොඩඅත්තේ ඥාණසාරහිමියන්ට අද ලැබුණු නියෝගය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාරහිමියන්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවනු ලැබ ඇති අතර, අදාල වරෙන්තු නිකුත් කෙරුණේ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව අදාළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටි අතර, 2014 වසරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට ඥාණසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබුණි.

කොම්පඤ්ඤවීදිය පොලීසිය නඩුව ගොණු කර තිබෙන අතර, එය ලබන වසරේ මාර්තු 05 වනදා දක්වා කල් තැබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...