සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 12, (LNW) කොළඹ :
බොහෝ දේවල් කියා විවේචනය කරන්නට අවශ්‍යය නැත.ශ්‍රී ලංකා වොලිබෝලයේ අනාගතය ලෙස හඳුනාගත් තරුණ කණ්ඩායම මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ යාන්තමට මාල දිවයිනට පමණක් උඩින් ඇත.
මෙහි නරක තත්ත්වය මේ කණ්ඩායමට උඩින් සිටින තරුණ පිරිස අතර ලෝකයේම අවධානයට ලක් වූ පිරිස් පවා සිටිනවා.එහි පහළ පඩිය ලෙස ගත හැකි මේ තරුණයන් මධ්‍යම ආසියාවේ නෙමෙයි දකුණු ආසියාවේ නේපාලයටත් පරදිනවා.මෙහෙම වෙන්නෙ දක්ෂතාවය නැතුව නොවේ.එය කළමණාකරණය කිරීමේ හැකියාව නොමැතිකම ප්‍රධාන හේතුවක් හැටියට ගත හැකියි.නමුත් මෙහි නරක තත්ත්වය ශ්‍රී ලංකාව ලබා තිබුණු මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු කීර්තිය එකට ගුලි වී පසෙකට වීසි වීමයි.
මේ සඳහා ජාතික කණ්ඩායම පවා පුහුණු කළ,ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ පුහුණු කරන පුහුණුකරුවෙක් කැඳවා කණ්ඩායම භාර දී තිබුණා.එහිදී ඔහුට මේ කණ්ඩායම සමඟ වැඩ කිරිමට ප්‍රමාණවත් කාලයක් ලැබුණේ ද යන්න ගැටළුවක්.එහෙත් තරග ගණනාවක් සමඟ වැඩ කිරීමේදී යම් යම් කාරණා නිවැරදි කර ගැනීමට නොහැකි වුණේ ඇයි යන ප්‍රශ්නයේ දී ඔහුටත් යම් වගකීමක් මේ පරාජයෙන් අයිති වෙනවා.
එසේම යම් යම් තැන් හී නැඟෙන ප්‍රශ්නයක් වී තිබුණේ මේ තෝරා ගත් කණ්ඩායම මේ වයස් සීමාවේ තරගාවලයකට රට නියෝජනය කරන්නට තෝරා ගත් හොඳම කණ්ඩායම ද යන්නයි.එම ප්‍රශ්නය මතු විම අසාධාරණ නැහැ.මන්ද මේ තරගාවලියට ක්‍රීඩා කරන රටවල් සහ ශ්‍රී ලංකාව අතර වොලිබෝල් ඉතිහාසය සසඳා බලද්දී ශ්‍රී ලංකාවට සුවිශේෂි ජයග්‍රාහී ඉතිහාසයක් හිමිව තිබෙනවා.නමින් වොලිබෝල් ජාතික ක්‍රීඩාව හැටියට තිබියදි හෝ එකතැන පල්වෙද්දී වෙනත් රටවල වොලිබෝල් ක්‍රීඩාව ජාතිකමය වශයෙන් උසස් වී තිබෙනවා යන පිළිතුර ද මේ පරාජයට සාධාරණ හේතුවක් ලෙස ඉදිරිපත් කළ හැකියි.
පරිපාලනමය වශයෙන් මේ තත්ත්වය යම් ආකාරයකින් වොලිබෝලය එක තැන පල් කිරීමට හේතුවක් වී තිබෙනවා.එසේම ඊට අකුල් හෙළන අය ද පෙන්වා දෙන්නේ වොලිබෝල්මය අනාගතයක් උදෙසා පරිපාලනය විවේචනය කිරීම හෝ මඟ පෙන්වීම නොවේ.තමන්ගේ පෞද්ගලික අර්බූද සමනය කර ගැනිමට උත්සාහ කිරීමයි.
කණ්ඩායම නිවැරදිම කණ්ඩායම ද යන්න සහ ලංකාවේ ඊ ළඟ පරම්පරාව සූදානම් කිරීමට කර තිබෙන ආයෝජන මොනවාද යන්නත් මෙහිදි අවධානයට ලක් කිරීම වටිනවා.මේ අතරින් කණ්ඩායමේ නායකත්වය දරන දවිසමර ක්‍රීඩකයා පොදු රාජ්‍ය මණ්ඩලීයි වෙරළ වොලිබෝල් තරගාවලිය නියෝජනය කර අත්දැකීම් ඇති එකම ක්‍රීඩකයා වන අතර ඔහුගේ සඟයා මේ කණ්ඩායමේ දකින්නට නැහැ.එසේම මාරවිල හෝ නාත්තණ්ඩිය පාසලක් නියෝජනය කළ අඩි 6 අඟල් 6 ට ආසන්න ක්‍රීඩකයෙකු ද දකින්නට ලැබුණු අතර ඔහු ද මේ කණ්ඩායමේ සිටිය යුතු වයසේ ක්‍රීඩකයෙකු විය යුතුය.එවැනි ක්‍රීඩකයින් ගණනාවක් කණ්ඩායමට ඇතුළත් නොවීම පරාජයට හේතුවක් ලෙස දැනෙනවානම් වොලිබෝල් පරිපාලනය පුහුණුකරු සහ තේරිම් කමිටුව ප්‍රශ්න කළ යුතුය.එසේම මේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මතම වරද පටවා අත් සෝදා නොගෙන කුමන හෝ ආර්ථිකමය හෝ වෙනත් සාධක නිසා තරුණ කණ්ඩායම් වලට විදේශ තරගාවලි ලබා දීමට නොහැකි වූ බවත්,තරගාවලියට අදාළව තරගාවලිය පැවත්වෙන රටේ බිමේ පුහුණුවීම් නිසි කලක් ලබා දීමට තමන්ට නොහැකි වූ බව ද පිළිගත යුතුය.
එසේම තරගයේන තරගයට (ශ්‍රී ලංකාව සහභාගි වන සහ සහභාගි නොවන) තරග වැදීමේ රටාවන් ගැන,අඩුපාඩු පියවා ගැනීම් ගැන සහ ප්‍රතිවාදි දක්ෂතා සහ දුර්වලතා හඳුනා ගැනීම ගැන උපදෙස් දෙන්නට තරග නිරීක්ෂණය කර පැහැදිළි කිරීමක් සිඳු කිරීමට උචිත සහ සුදුසු පිරිසක් ද මේ තරුණ පිරිස සමඟ නැත. කෙසේ හෝ මේ තරගාවලිය නිසා සහ තේරීම් නිසා මේ වන විටත් ඇතැම් දක්ෂයන් වොලිබෝලය අතහැර යන්නට නියමිත බව අපි දනිමු.“එකෙක් විතරද ඉන්නෙ ඌ ගියාට තව නැද්ද“ වැනි උද්ඡච්ඡ වචනවලින් කරන දමා ගැසීම්වලින් මේ තත්ත්වයට පිළිතුරු දෙන්නට ඉඩ ඇත.එහෙත් මේ පැමිණ තිබෙන තරුණ වොලිබෝල් ක්‍රීඩකයින්ට ඒ ඒ රටවල්වලින් ලැබී තිබෙන පහසුකම් අවස්ථා හා සංසන්දනය කරද්දී එවැනි එක් දක්ෂයෙකු හදා ගැනීම අපේ රටට දුශ්කර වැඩක් බව පිළිගැනීමට නිහතමානි වීම වැදගත්ය.
“සරුංගලයක් අහසට මුදා හළ සේ නූල ගලවා දමා අනෙකුන් ඉදිරියේ පරාජය වන්නට පිටිය මැදට දැමූ තරුණ කොල්ලො ටික පව්.“
තරග බලා සිටින විට අපටනම් දැණුනේ එහෙමය.අඩුම තරමේ තරගය මැදවත් නූල ඇඳ එහාට මෙහාට කළ සරුංගලය නිසි පරිදි හැසිරීමක් සිඳු වුණේ නම් මේ කොල්ලො ටික මුළු අහසම ලස්සන කළ හැකි මට්ටමට පත් කළ හැකිව තිබිණි.වොලිබෝල් යනු වොලිබෝල්ම පමණක් නොවේය.එහෙත් සියල්ල වොලිබෝල් කර ගැනීමට ඇති හැකියාව සමඟ වොලිබෝල් ක්‍රීඩා කළ යුතුය.අප නොදුටුවේ එයය.ඒවා සාධාරණ කිරීමට සිය කි බෝඩ් මත වොලිබෝල්මය වචන සමඟ ලියැවෙන වාක්‍ය බොහෝ ලියැවෙනු ඇත.එහෙත් නැවතත් කියන්නේ වොලිබෝල් යනු වොලිබෝල්ම පමණක් නොවේය.අන් සියල්ල වොලිබෝල් කර ගැනිමට ඇති හැකියාව මත වොලිබෝල් හී දීප්තිය විහිදෙනු ඇත.