මංගල්‍යක් අවමංගල්‍යකින් අවසන් වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ (LNW):

මංගල්‍යක් අවමංගල්‍යකින් අවසන් වූ පුවතක් වාර්තා වේ.

ඒ විවාහ මංගල උත්සවයක දී දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් අතර තුර සිදු කළ පහරදීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර, පොලිසිය සඳහන් කළේ අඟුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවේ ඊයේ  රාත්‍රියේ පැවති මංගල උත්සවයක දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක අඟුලාන ප්‍රදේශයේ පදිංචි අයෙකි. අදාළ පුද්ගලයා මංගල උත්සවයේ DJ සංගීතයේ ශබ්දය අඩුකරන ලෙස පැවසූ අවස්ථාවක මෙම බහින්බස්වීම ඇතිව තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, එහිදී තවත් පුද්ගලයෙක් ඔහුට කළ පහරදීමක දී මෙම ඝාතනය සිදුව ඇති අතර, පහරදුන් පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...