අවුරුද්දයි මාස 10 පස්සෙ භානුක විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 13, (LNW) කොළඹ :

අද ආරම්භ වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගය සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට වසරකුත් මාස 10 ට පසු භානුක රාජපක්ෂ නම් කර තිබෙනවා.බොහෝ විට භානුක හරහා මැකෙන්නේ දසුන් ශානක ඉවත් කිරීමෙන් ඇති වූ හිස් තැනයි.භානුක අවසාන වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2023 වර්ශයේ ජනවාරි 05 වන දා යි.ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකට අවසාන වරට සහභාගි වී ඇත්තේ 2021 වසරේ සැප්තැම්බර් 04 වන දා යි.

චරිත් අසලංකාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංක ඇතුළත් වෙනවා. භානුක සහ ඔවුන් තිදෙනාට අමතරව කුසල් ජනිත් පෙරේරා,කමිඳු මෙණ්ඩිස්,වනිඳු හසරංග,චමිදු වික්‍රමසිංහ,මහේෂ් තීක්ෂණ,මතීශ පතිරණ සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර තිබෙනවා.

දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තරගයේදී වැඩි විශ්වාසයක් වේග පන්දු යැවීම කෙරෙහි තබන්නට ශ්‍රී ලංකාව කල්පනා කර තිබෙනවා.ඉන්දීය තරගාවලියේ දී දඟ පන්දුවෙන් කැපී පෙණුන ජෙෆ්රි වැන්ඩර්සේ හෝ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ 11 දෙනා ට ඇතුළත් කර නැහැ.

ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර කණ්ඩායමෙන් ඉවත් කර දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ සමයේ භානුක සහ ඔහු ක්‍රීඩා කළ අවස්ථාවකි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...

IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක්...