කවි ලියල හරිගිය කෙනෙක් ඉන්නවද ?

කවි ලියල හරිගිය කෙනෙක් ඉන්නවද ?
කවි වලින් හම්බ කරපු දෙයක් තියෙනවද ?
තිත තියපු දවසේ ඔයා මගෙන් ඇහුවා .

කාලෙකට පස්සෙ
සෙනඟ අස්සෙ තෙරපි තෙරපි
ඔයා ස්ටෝල් එකට එනව මම දැක්කා .
රාක්ක අත ගගා පොත් තෝරද්දි
අර කියපු මංගල මුද්දත් දැක්කා .

ඔයාට දෙන්න කියලා
අර ගත්තු පුංචි මුද්ද
මං ආයෙමත් වික්කා .
පිළිකා රෝහළේ ළමා වාට්ටුවට
මං ඒකෙන් දානයක් දුන්නා .

අත්සන ගහන්න කියනකොට
අත වෙව්ලුවා තමයි
සිගරට් කහට , අපිළිවෙල රූපය
මම මටම තෑගි කර ගත්තු
දඬුවම් වලින් ටිකයි .

මේ පොත කියවන්න .
ඒකෙ හුඟක් කවි ඔයාට .
අතරින් පතර කීපයක්
තාවකාලික පෙම්වතියන්ට.
ඉතුරුවා මට , මගෙ දුකට .

ඇඟිල්ලකින් වුනත්
විදුලි සැර වැදෙන්න පුළුවන් කියලා
අදත් ඔයා කියල දුන්නා .
අද ඔහාට වහින්න පුළුවන්
මෙහෙ නම් දිගටම ගං වතුර .

කවි ලියල හරිගිය කෙනෙක් ඉන්නවද ? ඔයා ඇහුව
ඔව් ඉන්නවා .
මේ මම .
කවි වලින් හම්බ කරපු දෙයක් තියෙනවද ? ඔයා ඇහුවා
ඔව් තියෙනවා .
ඒ ඔයා .

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...