*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

දිණුම දුශ්කරයි තමයි, ඒත් යළි යා හැකියි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 13, (LNW) කොළඹ :

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව දෙවන වටයට යාම නොව එකදු ජයග්‍රහණයක් හෝ අපේක්ෂාවෙන් සිටීම ද සිහිනයක් බවට පත් කරමින් නවසීලන්තයට එරෙහිව කඩුලු 8 න් පරාජයට පත් වුණා.ලෝක කුසලානය සම්බන්ධයෙන් සිහින දකිමින් ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සම්බන්ධයෙන් විශ්වාසය තැබූ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට පමණක් නොවේ ලොව පුරා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා සබැඳී ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් එකඳු තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී අසාර්ථක වීම සම්බන්ධයෙන් මතු පිටින් පෙනෙන චිත්‍රය සරලයි.පිතිකරණය අසාර්ථකයි.එහෙත් මේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම ආසන්න ඉතිහාසයේ සිටි චමරි අතපත්තු පොරොප්පයක් සේ ක්‍රියා කළ කණ්ඩායම නොවේ.ඒ අවස්ථාවලදී චමරි දැවී යාම යනු පොරොප්පය ගැලවී එක දිගට ජලය අපතේ යාමක් වි සමස්ත පිතිකරණයම සිදී යාමක් වුවත්,මේ කණ්ඩායමට චමරි නැතුවත් තරග දිනවිය හැකියි යන විශ්වාසය පදනම් වූ ක්‍රීඩිකාවන් නිර්මාණය වී ඇතුළත්ව තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගැනීමෙන් පසුව විශාල බරක් මිනිසුන්ගේ විශ්වාසය සමඟ ඔළුවේ තබා ගත්තා.ජයග්‍රහණය කිරීමට වඩා එය රැක ගැනීම අසීරු වන්නේම ඒ නිසයි.යමක් රැක ගන්නට සටන් කිරීම යනු අයිති කර ගන්නට සටන් කිරීමට වඩා පීඩාකාරියි.තමන්ගෙන් දෙයක් උඳුරා ගන්නට තිබෙන බව දන්නා විට පරිස්සම වැඩි වෙනවා.ආරක්ෂාකාරී හැඟීමකින් වැඩ කරන්න ගන්නවා.මේ බර නිසා පළමු අහිමි විම අයර්ලන්ත සංචාරයේදී සිඳු වුව ද,එය නොසළකා හැරයා.හර්ෂිතා මාධවි සහ විශ්මි ගුණරත්න අයර්ලන්ත සංචාරයේ දී ආසියානු කුසලාන ජයග්‍රහණයේ රිද්මය නඩත්තු කර ගනිමින්,ශතක එකතු කළ ද,කණ්ඩායමක් හැටියට තරග ප්‍රතිපලවලදී ශ්‍රී ලංකාව අයර්ලන්තයට වඩා පසුපසින් වූවා.

මේ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වෙනස්කම් කිහිපයක් සිඳු විය යුතුව තිබෙනවා.ඒ වෙනස්කම් එම ක්‍රීඩිකාවන්ට දිය හැකි ගෞරවයක් විදිහට මෙන්ම මේ දක්වා උපයාගෙන තිබෙන ගෞරවයට හානි වෙන්නට නොදීමක් ලෙස සිඳු කිරීම වැදගත් වෙනවා.ශෂිකලා සිරිවර්ධනගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින විශිෂ්ඨතම පන්දු යවන්නිය වූ ඉනෝකා රණවීර පසුගිය කාලයේ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය සසල වන තරමට පසු බසිනු දකින්නට ලැබුණා.එවැනි තත්ත්වයක යළිත් කාලයකට පසුව කණ්ඩායමේ ඉවත් කර සිටි ඉනෝකා කණ්ඩායමට කැඳවනු ලැබුවා.එහෙත් තරගාවියේ අවසාන භාගය වන විට ඇය සංචාරයට එක් කර ගත්තේනම් කණ්ඩායම තුළ සිටිය යුතු බවට අප ද සිතූ මතය වැරදි බව පැහැදිළි කරමින් පෙර දක්ෂතා දැක්වීමට ඇය අපොහොසත් බව පැහැදිළි වුණා.

ඊ ළඟට මේ කණ්ඩායමේ ඒ ආකාරයට එළියට යාමට හැකි ක්‍රීඩිකාව බවට පත් විය හැක්කේ මේ සංචාරයේදී ත් තමන්ට හැකි උපරිමය ලබා දීම වෙනුවෙන් කැප වුණ උදේශිකා ප්‍රබෝධනී යි.ඇයම එම තීරණය දැණුම් දෙන්නේනම් වටිනාකම වැඩි විය හැකියි.මේ අභියෝගයම ඉනෝශි ප්‍රියදර්ශනී ඉදිරියේ ත් තිබෙනවා.මේ වන විට ලොව හොඳම පන්දු යවන්නියන් අතර සිටියත් ඇයගේ දක්ෂතාවල පසු බැස්මක් මේ තරගාවලියේ දකින්නට ලැබුණා.උදේහිකාගේ එවැන්නක් දැකිය නොහැකි වුවත් මේ ඇය නඩත්තු කරන හැකියාව හුස්ම උඩට අල්ලාගෙන සිටීමක් බඳුයි.
එසේම අනුශ්කා සංජීවනී සිය අත්දැකීම් සමඟ මේ තරගාවලියේ දී ආක්‍රමණික පිතිකරණයක නියැලෙන්නට හදපු එකම පිතිකාරිනිය වුණා.ඇයට බරක් නොවන නමුත් අනුශ්කාට කණ්ඩායමේ ඉදිරිය ගැන සිතා උප නායකත්වය ලබා නොදිය යුතුයි.ඇය වයසින් චමරිටත් වඩා දින ගණනක් වැඩිමහල් ක්‍රීඩිකාවක් වන බැවින් චමරිගෙන් පසුව සුක්කානම ලැබිය යුතු කෙනාට එම වගකීම පැවරීම වැදගත්.අයර්ලන්ත සංචාරයේ දී චමරි නැතුව ක්‍රීඩා කරන්නට වූ අවස්ථා කිහිපයක් තිබුණ නිසා එය අත්හා බලන්නට හොඳ ඉඩක් තිබුණ ද,ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චමරි වෙනුවට නායිකාව ලෙස යොදා ගත්තේ අනුෂ්තා සංජීවනීය.

වරක් හර්ශිතා උප නායිකාව ලෙස නම් කර ද,නැවත අනුශ්කා ලෙස හැරුණු අතර තවත් ලෝක කුසලානයක්ට චමරිට කිසිඳු අපහසුවක් පෙනෙන්නට නැතත්,හර්ශිතා ඇය යටතේ එම කාලය ක්‍රියා කිරීමෙන් පසුව වඩා පළපුරුදු නායිකාවක් චමරිගෙන් පසුව ද ශ්‍රී ලංකාවට සිටිනු ඇත.එය ද මේ අතරම කල්පනා කළ යුතුය.

මේ තරගාවලියේ දී අමා කාංචනාගේ මතු වීම වැදගත් ලෙස ප්‍රෙයා්ජනයට ගැනීමට කල්පනා කළ යුතුය.ඇයගේ වේගය සහ ඉලක්කය වඩාත් පලදායි තැනක පිහිටුවාලන්නේ කෙසේද යන්න කල්පනා කළ යුතුය.එසේම 19 න් පහළ ඔස්ට්‍රේලියානු සංචාරයේ තුන් කොන තරග ඇතුළේ වේග පන්දුවත් සමඟ තුන් ඉරියව්වෙන් වැඩ ගන්න පුළුවන් අලුත් ක්‍රීඩිකාවක ද තමන්ගේ සුදුසුකම ගැන හොඳ ඉඟියක් දුන්නාය.මාතර අනුර විද්‍යාලයෙන් බිහිවන ක්‍රීඩිකාවක් වන රශ්මිකා තව දින ගණනකින් අවුුරුදු 18 ට එළැඹෙන ක්‍රීඩිකාවක්ය.එසේම හොද අවධානයකින් (චමෝදි ප්‍රබෝධා) බට්ටිගේ සියලු වගකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා හොඳින් කල්පනා කිරිමට කල්පනා කළ යුතුය.ඇය පන්දුවෙන් පමණක් නොව වගකීම් සහගතව කණ්ඩායම වෙනුවෙන් පිත්ත හැසිරවීමටද හැකි ක්‍රීඩිකාවක් බව ගෙවුණු තුන්කොන් තරගාවලියේ දී හොඳින් ඔප්පු කර පෙන්නුවාය.

ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි කව්ශිනි නෘත්‍යංගනා ලෝක කුසලාන තරගාවලියේදී ඉවතින් තබා ඉනෝකා රණවීර රැඟෙන යන්නට කල්පනා නොකර සිටියානම් හොඳ වන්නට තිබිණි.අනුශ්කා සංජීවනීගෙන් පසුව ඒ අත් ආවරණවලට වඩාත් සුදුසුකම් ඇත්තිය ඇයය.ඇය ද තවමත් සිය අපූරු පිතිහරඹය මතු කර ගැනීමට නොහැකිව ලත වෙමින් සිටින ක්‍රීඩිකාවකි.ජාතික මට්ටමේ දී එවැනි අවස්ථාවක් මතු වී නිවැරදි රිදිමයට පිවිසුණොත් ඇය ජාතික කණ්ඩායමට ඉහළින්ම වැදගත් භූමිකාවක් කරන ක්‍රීඩිකාවක් වනු ඇත. අනාගතය වෙනුවෙන් නිතරම වර්ථමානයේ දී තරග සඳහා යෙදවිය යුතු ක්‍රීඩිකාවක්ය.

කෙසේ නමුත් නවසීලන්ත තරගය ගැන විසිතර වෙනුවට ලකුණු සටහන පමණක් පහතින් යෙදීම වැදගත්ය.ඒ පරාජයන් ගැන විග්‍රහයට වඩා එළැඹෙන මොහොත යළි නැගිටින්නේ කෙසේ ද යන්න ගැන කල්පනා කළ යුතුය.ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීම හැර වෙනත් දේ අදාළම නැත.ක්‍රීඩාව කියවා ගැනීමට තරම් පළල් මනසක් ඇති ප්‍රේක්ෂක පුරවැසියන් ලංකාවේ නැත.ආදරය කිරීම දැනගෙන කළ යුතු එකකි.එය ක්‍රීඩාවට ද අදාළය.එයට අවශ්‍යය තාර්කික පදනම දියුණු ක්‍රීඩා සංස්කෘතියක් නැති බිමක බලාපොරොත්තු විම අසීරුය.අපහසුය.

ඒ ගැන චමරිලාට දැනටම විශාල පාඩම් ගණනාවක් එකතු වී තිබෙනවාට සැක නැත. ක්‍රීඩාවේ පරාජයන් ගැන පසු තැවෙන කාලය නවසීලන්ත තරගයෙන් නැවතිය යුතුය.ඊ ළඟ මොහොත එන්නේ ජයග්‍රහණය දෙසට නැඟෙන ඉණිමං බැදීමටය.එම කාලය දුශ්කර එකක් වුව කළ නොහැකි එකක් නොවනු ඇත.මනසින් ද කයින්ද ඊට සූදානම් වෙන්න.සිරුරට හරිම මානසික මට්ටම සම්බන්ධ කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හරිම උපදේශනය ඔවුන්ට ලබා දෙන්නේනම් වැදගත්ය.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan