අප්‍රේල් වෙද්දී මේ අර්බුදය දෙගොඩතලා යනවා. මේ ආණ්ඩුව එපා වෙද්දී ආපහු ජනතාව රනිල්ව තමා ඉල්ලන්නේ – රාජිත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය තුළ මෙන්ම ජාතික ජන බලවේගය තුළත් විවිධ අර්බුද දැනටමත් හටගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“සජබ අර්බුදය පේනවා තමුන්නාන්සෙලාට ඇතුළෙ ඉන්නකොට. මේ දැඩි කළකිරීමක ඉන්නෙ පක්ෂ නායකත්වය ගැන. මාලිමාවෙත් අර්බුද තියෙනවා. ඔවුන් IMF එකේ කොන්දේසිවලට ඉස්පිල්ලක්, ඇලපිල්ලක්, පාපිල්ලක් නෑරම එකඟ වෙනකොට, තමන්ගෙ නායකයො මුද්දර ගහගෙන බොහොම උජාරුවෙන් ඒවා ජනතාවට පෙන්නනකොට ඇත්තටම ඒගොල්ලන්ට හිරිකිතයක් ඇතිවෙනවා. ඒ නිසා මාලිමාවත් හෙල්ලිලා තියෙන්නෙ. එන අප්‍රේල් මාසෙ වෙනකොට මේ අර්බුදය දෙගොඩතලා යනවා. මේ ආණ්ඩුව එපා වෙනකොට ආපහු ජනතාව රනිල්ව තමා ඉල්ලා හිටින්නේ”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාක්ෂිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...