රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):
අද (14) දිනයේ සිට, වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් පවසයි. පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට නියමිතයි.
පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පසුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.