විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සාමාජිකයින් ඊයේ (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමක් මත තමා ඇතුළු සාමාජිකයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි යැවූ බවයි ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ.

මෙම කොමිසමේ සාමාජිකයින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 වසරේදී පත්කර තිබුණු අතර ඔවුන්ගේ නිල කාලය 2025 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.