සටහන – රුවන් නෙළුගොල්ල
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව 2024 ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයින් ඔක්තෝබර් 13 වනදා මධ්‍යම රාත්‍රී 12.00 වනවිට සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ ආදායම් – වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතුව තිබිණි.
ඒ අනුව, එසේ අදාළ ආදයම් – වියදම් වාර්තා ලබාදුන් අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් තිදෙනා සිය ආදායම් – වියදම් වාර්තා භාර දී නැති බවයි.