මෙරට පෞද්ගලික අංශයේ දැවැන්තම ආයෝජනය Cinnamon Life at City of Dreams අද විවෘත කෙරේ

Date:

Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටලය අද (15) දින විවෘත කිරීමට නියමිතව තිබේ.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද මෙම හෝටලය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම හා බලාපොරොත්තු සහගතම ආයෝජනය ලෙස සැලකේ. මෙම හෝටල් සංකීර්ණය ව්‍යාපාර, විවේකය මෙන්ම විනෝදාස්වාදය සඳහා දකුණු ආසියාවේ වඩාත් සුවිශේෂීම සංචාරක ගමනාන්තය ලෙස මෙරට සංචාරක කර්මාන්තයට නවමු අරුතක් එක් කරනු ඇත.

කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ ශාලා හරහා අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා දී තිබීම විශේෂත්වයකි. නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වනු ඇත.

Cinnamon Life වෙත පැමිණෙන සියලු අමුත්තන් හට ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යොදවා තිබේ. එහි ප්‍රංශ බිස්ට්‍රෝ සිට ඇමරිකානු ග්‍රිල් දක්වා වූ විවිධ ආහාර රසයන් භුක්ති විඳීමට මෙන්ම විවිධ වයින් වර්ග ඇතුළු ෂැම්පේන් හා කොක්ටේල්වලින් සමන්විත සුවිශේෂී වයින් බාර් එකක් ද ඇත. මීට අමතරව ඉදිරියේදී හෝටලය වෙත පැමිණෙන අමුත්තන්ට තවත් ප්‍රණීත සූප ශාස්ත්‍ර අත්දැකීම් රැසක් ලබා දීමටද Cinnamon Life සූදානමින් සිටින බව සඳහන්. එසේම හෝටල් පරිශ්‍රය තුල ඇති සිත් ඇද ගන්නා අවකාශයන් හි සුන්දරත්වය හා අලංකාර සැකසුම ගමනාන්ත මංගල උත්සව හා වෙනත් විශේෂ උත්සව සඳහා සුවිශේෂී විවිධත්වයක් මෙන්ම විචිත්‍රත්වයක් අත්කර දෙනු ඇත.

අද දින විවෘත වන සුවිශේෂී Cinnamon Life at City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස 2025 වසරේ මැද භාගයේදී සාප්පු සංකීර්ණයකින් හා ක්‍රීඩා අවකාශයන් සහිත විනෝදාස්වාද කලාපයකින් මෙන්ම කාමර 113කින් සමන්විත අධි සුඛෝපභෝගීි හෝටල් පර්යන්තය විවෘත කිරීමට ද සැලසුම් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...