උතුරු කොරියාව දකුණු දේශ සීමා ආසන්නයේ මාර්ග පුපුරවා හැර සෝල් සමඟ සියලු සම්බන්ධතා නවතා දමයි(VIDEO)

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව හා දකුණු කොරියාව බෙදා වෙන් කරන හමුදා මායිම් රේඛාවට උතුරින් පිහිටි ජියොන්ගුයි මාර්ගය හා නැගෙනහිර වෙරළ තීරයේ ඩොංගේ මාර්ගය පියොංයැන්ග් විසින් පුපුරුවා හැර දකුණු කොරියාව සමඟ සියලු සම්බන්ධතා බිඳ දමමින් උතුරු කොරියාව හුදකලා වී ඇති බව දකුණු කොරියානු හමුදා මාර්ග වාර්තා කර තිබේ.

මෙම මාර්ග දෙක දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු අතර උතුරු කොරියාව විසින් එරට අගනුවර වන ප්යොංයැං වෙත ප්‍රචාරක පත්‍රිකා රැගත් ඩ්‍රෝන යානා යවන බවට තම අසල්වැසි දකුණු කොරියාවට චෝදනා කිරීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මේවන විට කොරියානු අර්ධද්වීපයේ ආතතීන් ඉහළ ගොස් තිබේ.

දකුණු කොරියානු ඩ්‍රෝන යානා යළිත් උතුරු කොරියාවට ඉහළින් හමු වුවහොත් දකුණු කොරියාවට ප්‍රහාර දියත් කරන බවට උතුරු කොරියාව අනතුරු අඟවමින් කාලතුවක්කු හා අනෙකුත් හමුදා ඒකක සූදානම් කර ඇති අතර තමන් ඩ්‍රෝන යානා යැවූවාද යන්න තහවුරු කිරීම දකුණු කොරියාව ප්‍රතික්ෂේප කර ඇති නමුත් තම පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වුවහොත් උතුරු කොරියාවට දැඩි දඬුවම් දෙන බවට පෙරලා ප්‍රතිචාර දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...