*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

පරිපාලනයක් නැති නෙට්බෝලය ආසියාව සමඟ ගැටුමට – ක්‍රීඩිකාවන්ට සුබ පැතුම්!

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 15, (LNW) කොළඹ :

මෙවර ආසියානු නෙට්බෝල් කිරුළ රැක ගන්නට යන නෙට්බෝල් කන්ඩායම මේ වන විට නම් කර තිබෙනවා.එහි නායකත්වය දුලංගි වන්නිතිලක විසින් දරනවා.


එම කණ්ඩායමට සෙසු ක්‍රීඩිකාවන් ලෙස හසිතා මෙන්ඩිස්, රෂ්මි දිව්‍යාංජලී, ගයාංගලී අමරවංශ, තිෂලා අල්ගම, ශානිකා පෙරේරා, ගයානි දිසානායක, ගයාත්‍රි කෞෂල්‍යා, සුසීමා බණ්ඩාර, සචිනි රොද්‍රිගෝ, මල්මි හෙට්ටිආරච්චි, චලිනි නීෂා ඇතුළත් වෙනවා.
මේ සමූහ ඡායාරූපය ගනු ලබන්නේ අග්‍රාමාත්‍යතුමිය හමුවීමට කණ්ඩායම පැමිණි අවස්ථාවේදී ය.කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැන ගැටළුවක් නැත.එහෙත් මේ ඡායාරූපය ගැන අමාත්‍යංශයෙන්ම නිවේදනය කරන මාධ්‍ය නිවේදනයට අනුව ගත් විට ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිනියක්,ලෙක්ම්වරියක් හෝ ලේකම්වරයෙක් නැත.


හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩා අමාත්‍යවරියද වේ.ඇය මේ දිනවල කාන්තන්කුඩියේ සිට පැමිණි දැරියකගෙන් හසුනක් ලබා ගැනීම අමාත්‍යංශ මාධ්‍ය හරහා ජනමාධ්‍ය නාලිකාවලට පිවිස පැතිරෙමින් තිබෙන මොහොතක්ය.එය අතිශයින් සංවේදී මේ රටේ විවිධ ජන කොටස්වලට බලපාන වෙනස්කම නැති කරන බවට දේශපාලන හෝඩුවාවක් ඇති වන සිඳුවීමකි.
ඒ සිඳුව්මේ අවංකකම ගැන ද අපට ප්‍රශ්නයක් නැත.එ් බෙදීම් රේඛාවන්ට වඩා සමාජ ප්‍රගමනයට බැදීම් නඩා වැදගත් බව හොදින්ම අගමැතිණිය දන්නා බව ඇය පක්ෂ දේශපාලනයට පිවිසෙන්නට පෙර සිටම ඉදිරිපත් කළ සාධක ඇති බැවිනි.
එහෙත් නෙට්බෝල් පරිපාලනයට ලංකාවේ ප්‍රධානියෙක් නැත්තේ ඇයි කියන කාරණයට ද උතුර සම්බන්ධය.ඒ උතුර නොසළකා හැරීම නිසාය.නිලවරණය සම්බන්ධයෙන් විරෝධය ආවේ උතුරට ද අසාධාරණයක් වූ බව කියමින්ය.ඒ නිසා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට පත් වූ නෙට්බෝලයට ඔහු පහසුකම් සපයන්නෙක් සේ යොදා ගත්තේ විසුරුවා චෝදනාවන්ට ලක් වන පරිපාලනයේම සභාපතිණිය ය.මෙයද සදාචාර නැති වැඩකි.


අපට අධ්‍යක්ෂ ජෙනරාල් සමඟ ගැටළුවක් පෞද්ගලිකව නැත.මේ ලියුම්කරුට අතිශයින් හිතවත් මිතුරුකමක් ඇත්තෙක්ය.නෙට්බෝල් සභාපතිනියද එබඳුය.එහෙත් සදාචාරසම්පන්න නොවන අයුරෙන් යම් යම් දේ සිඳුවන විට ඊට එකඟ වන්නට අපට නොහැකිය.රටේ පරිපාලනය කර විසුරුවන ලද සංගමයක සභාපතිනියක එම රටේ ජාතික කණ්ඩායම සමඟ ඡායාරූපයකට ආසියානු ලේබලය යටතේ අසුන් ගැන්වීම,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිලවරණය නොපවත්වා කල් දමමින් සිය පාලනය යටතේ තබාගෙන සිටින නෙට්බෝල් ක්‍රීඩාවේ නිලවරණයට පාර විවෘත කරන්නට පෙර ලබා දුන් වරප්‍රසාදයක්ය.ක්‍රීඩා අමාත්‍යංශය යනු අමාත්‍යවරියද නියෝජනය කරන්නක් බැවින් ඇයගේ සහයද ආසියානු සභාපතිවරිය නියෝජනය කරන පිළට තල්ලු වීමට කරන වැරදි සංඥාවකි.


මේ තත්ත්වය වෙනස් ආකාරයකින් තේරුම් ගන්නට හරීන් ප්‍රනාන්දුට වඩා සමාජමය තත්ත්වයන් ගැන මානව සිතුවිලි ගැන හරිනි අමරසූරියට තියෙන දැණුම මේ මොහොතේ දී පිස දා උඩට ගැනීම අවශ්‍යය ය.අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හිටපු ඉහළ නාවික හමුදා නිලධාරියෙක්ය.නෙට්බෝල් සභාපතිණියද යුද හමුදා නිලධාරිනියකව සිටි තැනත්තියකි.යාපනය වැනි ප්‍රෙද්ශයකට සිඳු වූ අසාධාරණයක් ගැන චෝදනා එල්ල වී ඇති නොපැවත් වූ නිලවරණයක එම ගැටළුව සාකච්ඡාවට භාජනය නොකර අමාත්‍යවරිය ද මේ සමූහ ඡායාරූපයේ අසුන් ගැන්වීමට එතුමියගේ කාර්ය මණ්ඩලය ක්‍රියා කිරීම ගැටළුකාරීය.විශේෂයෙන් මාධ්‍ය ලේකම්වරිය මේ ගැටළු නිර්මාණය වන්නට ආරම්භ කරපු රොෂාන් රණසිංහ අවධිය ගැන හොඳින් දන්නා සහ එහිදී නෙට්බෝල් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා සහ ක්‍රියාවන් ගැන ද යම් අවබෝධයක් ඇතිව සිටිය යුතුය.
දුරට නොපෙණුනාට මේ නෙට්බෝල් කණ්ඩායම සමඟ අග්‍රාමාත්‍යවරිය සමඟ එම ඡායාරූපයට අසුන් ගත්තේ කවුද සහ ඔවුන්ට නෙට්බෝල් වෙනුවෙන් එල්ල වන චෝදනා අතර උතුරේ නෙට්බෝලයට අසාධාරණ ලෙස සැළකිම සම්බන්ධයෙන් චෝදනාවක් ද තිබීම ගැන කල්පනා කළ යුතුව තිබිණි.


විපක්ෂයේ සිටියදී ක්‍රීඩාව වැනි විෂයක් නිවැරදිව අධ්‍යයනය නොකර එය සෙල්ලමක් සේ සළකා නොසළකා හැරීම සිඳුවන බවක් අලුත් ක්‍රීඩා ඇමතිවරයෙක් පැමිණි වහාම ඔහුට සමීප වන නිලධාරීන්ගේ සිටම ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් ඔහු සමීප කර ගන්නා චරිත දුටු සැනින් දැනෙන දෙයකි.හරිනි අමරසූරිය ද සිඳුවන දේ වෙනුවෙන් එවැනි දෝෂ නොදැන තමන්ගේ ආශිර්වාදය දෙමින් ඡායාරූපවලට පෙනී සිටිමින් පැහැදිළි කරන්නේ ද එයය.මිට පෙර ද ආරක්ෂක ලේකම්වරයා කැඳවා ගැටළු සහ චෝදනාවලට මුහුණ දී විසුරුවා හරින ලද රගර් පරිපාලනයේ නිලධාරීන් දෙපැත්තෙන් තබා ඔහුට විනය වැනි කාරණා ගැන කතා කරන්න දී තතු දන්න අයගේ සිනාවට ආරක්ෂක ලේකම්වරයාව ලක් කරන්නට ඉඩ දුන්නේය.දැන් ඇමතිය.හෙට අනිද්දාම ජනාධිපතිටද මේ වගේ සිඳුවීමකට මුහුණ දෙන්නට සිඳු විය හැකිය.


ආණ්ඩුවක් පිහිටුවන තෙක් අඩුම තරමේ මේ විසුරුවා තිබෙන පරිපාලන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් මුදවා නිලවරණයක් තබා එම ව්‍යවස්ථාවන්ට අනුකූලව බලය ලබා දෙන්න හෝ කටයුතු කළ යුතුය.එතෙක් මේ වට කැරකෙන බොහෝ නුසුදුසු අය සමඟ ක්‍රීඩාව වෙනුවෙන් යැයි ඔබට ඡායාරූපවරලට පෙනී සිටීමට සිදුවනු ඇත.මේ ඡායාරූපයෙන් ඇතිවන වැරදි හැඟීමේ ගොදුරු වන්නේ ඇමතිවරියම පමණක් නොවේය.උදාහරණයකට වඩාත් ප්‍රායෝගිකව ක්‍රීඩකයන් සමඟ සහ ක්‍රීඩාව සමඟ ගැවසෙන වෛද්‍ය ඒකකයේ ලාල් ඒකනායක වැනි නිලධාරීන් ද තුවාලයේ සැරව ලෙස වටහා ගැනීමට ඉඩ ඇත.
කුමන තත්ත්වයක හෝ මේ තරග සංචාරයට එකතු වෙන තරුණ අත්දැකීම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය මත ආසියානු කුසලානය රැක ගන්නට ශ්‍රී ලංකාවට හැකි වේවා යන්න අපේ පැතුමය.ක්‍රීඩිකාවන් අති දක්ෂ වුව ද,ඔවුන්ගේ දක්ෂතා අඛණ්ඩව නිවැරදිව පවත්වා ගෙන යාම කෙරෙහි බලයට පැමිණෙන කොයි නෝනාගේ හෝ අවධානය යොමුවෙන බවක් පෙනෙන්නට නොමැතිය.මේ කෙහෙවලු පටලා ගැනීම නිමා කරන තත්ත්වයක් ඇති වූ දාක ආසියාවෙන් නැවතී තිබෙන ශ්‍රී ලංකාවේ නෙට්බෝල් යශෝරාවය ලෝකය දක්වාම විසිර පැතිර යනු ඇත.
තරගාවලිය මැද පෙරදිග රටවල්වල සහභාගීත්වය ද සහිතව පැවත්වෙන පැමිණ ඇත.ඒ නිසාම සවුදි අරාබියේ පැවත්වීම කෙරෙහි අවධානය යොසු වී තිබුණු නෙට්බෝල් තරගාවලිය මේ වන විට ඉන්දියායට ගෙනත් ඇත.කණ්ඩායම් ප්‍රමාණයද සහභාගීත්වය අතින් ඉහළ ගොස් තිබෙන නිසා තරගකාරීත්වය ද වැඩි විය හැකිය.විශේෂයෙන් අරාබිකරයේ රටවල් වෙනත් රටවල දක්ෂයන් මිලදී ගැනීමට ද ඉඩ ඇති බැවිනි.


එසේම මෙම තරගාවලිය සඳහා විනිසුරුවන් තිදෙනෙකුද ශ්‍රී ලංකාවෙන් කැඳවා ඇත.ඒ එරංග සිතාර,අශාන් චිරන්ත සහ ටෙක්ලා ප්‍රියදර්ශණී විනිසුරුවරියෝය.
දුලංගි ඇතුළු සමස්ත කණ්ඩායමට අපේ සුබ පැතුම්!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan