එයා හිටියේ රනිල්ගේ පැත්තේ.සජිත් දිනවන්න එයා වැඩ කළේ නැහැ – මාන්නප්පෙරුමට සජබෙන් ප්‍රහාරයක්!

Date:

කොළඹ LNW: මේ වන විට සමඟි ජන බලවේගයේ මහ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කර ගත යුතුය යන මතයේ සිටි අයෙක් වන අතර ඔහු පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (15) සමඟි ජන සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබා දීමට පක්ෂය විසින් කටයුතු කළද පරාජයට පත්වන බව දන්නා නිසා දැන් ඔහු ඉවත්ව සිටින බවයි රාජකරුණා මහතා කියාසිටියේ.

එමෙන්ම නාමයෝජනා භාරදීමෙන් පසු ජන්දය නොයිල්ලන බව ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයේ දිගුවක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...