එයා හිටියේ රනිල්ගේ පැත්තේ.සජිත් දිනවන්න එයා වැඩ කළේ නැහැ – මාන්නප්පෙරුමට සජබෙන් ප්‍රහාරයක්!

Date:

කොළඹ LNW: මේ වන විට සමඟි ජන බලවේගයේ මහ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කර ගත යුතුය යන මතයේ සිටි අයෙක් වන අතර ඔහු පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (15) සමඟි ජන සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබා දීමට පක්ෂය විසින් කටයුතු කළද පරාජයට පත්වන බව දන්නා නිසා දැන් ඔහු ඉවත්ව සිටින බවයි රාජකරුණා මහතා කියාසිටියේ.

එමෙන්ම නාමයෝජනා භාරදීමෙන් පසු ජන්දය නොයිල්ලන බව ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයේ දිගුවක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...