නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරායාම හේතුවෙන් 94 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹදිග නයිජීරියාවේ ජිගාවා ප්‍රාන්තයේ ඉන්ධන ටැංකියක් පුපුරායාම හේතුවෙන් පුද්ගලයන් 94 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා මිනිසුන් වාහනය වෙත දිව යද්දී මෙම පිපිරිම සිදුව ඇති අතර තුවාල ලැබූවන් Ringim සහ Hadejia නගරවල ප්‍රාදේශීය රෝහල් වෙත ගෙන යන ලදී. තුවාල කරුවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අංශ සඳහන් කර තිබුණේ, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි.

නයිජීරියාවේ බොහෝ ප්‍රධාන මාර්ගවල මාරාන්තික ට්‍රක් රථ අනතුරු බහුලව සිදු වන අතර අපරික්ෂාකාරී රිය පැදවීම, දුර්වල මාර්ග තත්ත්වයන් සහ නිසි ලෙස නඩත්තු නොකරන වාහන හේතු කොටගෙන සිදුවන බවයි සඳහන් වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...