කට හොඳ නැති, ගල් හදවතක් ඇති සයිමන් ද ලියම්ගේ නික්ම යාම හමුවේ හඬා වැටෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 19,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: හිතක් ගලක් මෙන් පිටට පෙන්වන මිනිස්සු ඇතුළාන්තයෙන් හරි සංවේදී බවට කදිම නිදසුනක් සපයමින්, ඉකුත් බදාදා දින අප අතරින් නික්ම ගිය Liam Payne ට උපහාර දක්වමින් Simon Cowell හඬා වැටී ඇති බව විදෙස් මාධ්‍ය තුළ මහත් කතාබහකට ලක්ව ඇති කරුණකි.

2010 දී The X Factor රූපවාහිනී වැඩසටහනට කණ්ඩායම එක් කළ සංගීතමය ජවනිකාව සහ එහි Liam සිහිපත් කරමින්, ඔහු “kind, funny, sweet, thoughtful සහ talented” අයෙක් බව ද පසක් කර දුනි.

“මගෙන් වැගිරෙන සෑම කඳුළකම ඔබේ මතකයන් වන බව” 65 හැවිරිදි Simon තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි ලියා තබමින් ඔහුගේ ශෝකය ප්‍රකාශ කර තිබුණි.

“මේ වගේ මොහොතක් වෙනකම් ඔබ ඇත්තටම කෙනෙක් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද කියලා ඔබ කවදාවත් දන්නේ නැහැ. Liam, මගේ හදවත බිඳිලා ගිහින්. ඒ වගේම මට හිස් බවක් දැනෙනවා. මට ඕන ඔයා ගැන කොච්චර ආදරයක්, ගෞරවයක් තියෙනවද කියලා ඔයා දැනගන්න. මගෙන් වැගිරෙන හැම කඳුලකම ඔබේ මතකයන් වන බව” Simon තවදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...