පොල් මිල වාර්තාගත ලෙස ඉහළට. ඩොලරයට පොල් බෑ තුනයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ දිනවල වෙළඳපොලේ පොල් මිල වාර්තාගත ලෙස ඉහළ යමින් පවතී.

බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 140 – 150 පමණ වේ.

කොළඹ තදාසන්න ඇතැම් ප්‍රදේශවල ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා විය. පොල් ගෙඩියක මිල එතරම් ඉහළ ගොස් ඇත්තේ පළමු වරට ය.

පොල් හිඟයක් ද ඇතැයි පැවසෙන අතර පොල් තොග වෙළඳුන් පොල් ගෙඩියක් මිලට ගන්නේ රුපියල් 80 – 100 අතර මිලකට බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

පොල්තෙල් බෝතලයක මිල ද රුපියල් 580 හෝ ඊටත් ඉහළට වැඩි වී තිබේ.

අපගේ ආහාර සංස්කෘතිය අනුව ආහාර පිසීමේදී පොල් සහ පොල්තෙල් අත්‍යාවශ්‍ය වන බැවින් මෙම ඉහළ මිල ගණන් නිසා ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...