දවස් 25ට අපි තුන්දෙනා කරපු ඔක්කොම වැඩ හොඳයි. ඒ හින්දා විපක්ෂය අනාථ වෙලා ඉන්නේ – ඇමති විජිත

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වනවිට විපක්ෂයට සටන් පාඨ අහිමි වී ඔවුන් අනාථ වී අසරණ වී සිටින බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“අපි පුංචි කැබිනට් එකකින් පසුගිය 24 වෙනිදා වැඩ ආරම්භ කළේ. මේ වෙනකොට දවස් 25යි ගෙවිලා තියෙන්නෙ. මේ දවස් 25ට තමුන්නාන්සෙලා දැක්කා මේ පුංචි කාලය තුළ කරපු වෙනස්කම්. තවම ඡන්දය දීපු ඇඟිල්ලේ තීන්ත ටික ගිහිල්ලාත් නෑ, තාම මගේ ඇඟිල්ලෙත් තියෙනවා. අපි කරපු ඔක්කොම හොඳයි. ඒ හින්දාම අපේ විරුද්ධවාදීන්ට දැන් කියන්න දෙයක් නෑ, සටන් පාඨ නෑ. ඉතින් තැන්තැන්වල මුණු මුණු ගගා දැන් අනාථ වෙලා ඉන්නවා, අසරණ වෙලා ඉන්නවා”

අමාත්‍ය විජිත හේරත් මේ බව පැවසුවේ කටුනායකදී පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...