ඇල්පිටියේ ජන්දයේ ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්!

Date:

කොළඹ LNW:ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම නිහඬ කාලය ලබන 26 වනදා ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශකයට පත් කිරීම දක්වා පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.

මැතිවරණය අදාළ අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර 24 වැනිදා තුළ එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කළ හැකිය.

එමෙන්ම පුවත්පත්වල අවසාන රැස්වීම් සම්බන්ධ වාර්තා, ජායාරූප 25 වැනිදා නිකුත් වන පුවත් පතේ දැක්විය හැකි බවද කොමිසම සඳහන් කරයි.

මෙම කොන්දේසි සියලුම සමාජ මාධ්‍ය පරිපාලකවරුන්ට ද අදාළ වන අතර සියලුම දෙනාට සම අවස්ථා සැලසෙන අප්රිදි මෙම ප්‍රචාරණ කටයුතුද සිදුකළ යුතු වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...