IMF හා ශ්‍රී ලංකාව අතර තීරණාත්මක හමුවක් වොෂින්නයේදී…..!

අශෝක ජයතුංග

ඔක්තෝබර් 22, වොෂින්ටන් LNW :


තානාපති මහින්ද හා IMF නියෝජ්‍ය ප්‍රධානියාගේ ඹූලිකත්වයෙන් පැවැති හමුවෙන් සාර්ථක ප්‍රතිඵල

IMF වෙතින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මුල්‍ය පහසුකම් වැඩ සටහන (EFF) බාධාවකින් තොරව කාර්යක්ෂමව ඉදිරියට පවත්වාගෙන යාමට අදාළ විශේෂ හමුවක් පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් DC ශ්‍රී ලංකා තානාපති නිළ නිවසේදී පැවැත්විණ.

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවට අදාළ ප්‍රතිපත්ති තීන්දු ගැනීමේ ප්‍රධානී කෙන්ජි ඔකුමාරා ප්‍රමුඛ IMF හා ශ්‍රී ලංකා ඉහළ පෙළේ නියෝජිතයන් ඊට එක්වූයේ වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඇරයුමෙනි.

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ මුල්‍ය පහසුකම (EFF) හා ඩො බිලි 2.9 ක මූල්‍ය පහසුකමට අදාළ සිව්වන වාරිකය ලබාදීම ඇතුළු එම වැඩ සටහන බාධාවකින් තොරව සාර්ථකව ක්‍රියාත්මක කිරීම ගැන එහිදී අවධානය යොමු කෙරිණ.

එහිදී අදහස් පළකල තානාපති මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ස්ථාවරය හා ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික පසුබිම ගැන පිරිස දැනුවත් කළේය.තවද ජනපතිගේ ජනතා හිතවාදී සමාජ ආරක්ෂණ දැළ ද ශක්තිමත් කරමින් IMF වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ අභිලාෂය ද සිව්වන මුල්‍ය වාරිකය කඩිනමින් ලංකාවට ලබාදීමේ වැදගත්කම ද තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දැක්වූ IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ හා නියෝජිතයන් ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහන අඛණ්ඩව ගෙනයාමට පුර්ණ සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දුන්හ.

IMF ආසියානු පැසිපික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ලංකාව බාර ජේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෝයර් ආසියානු ශාන්තිකර කලාප නි: අධ්‍යක්ෂ සන්ජය පාන්ත් හා IMF නි: කළමනාකරුගේ උපදේශක චැඩ් ස්ටෙයින්බර්ග් මහත්වරුන් එහිදී IMF නියෝජනය කළහ.

තානාපති මහින්ද සමග මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විදේශ සම්පත් අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් අබේසේකර පිස්කල් ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජෙනරාල් කපිල සේනානායක IMF ශ්‍රී ලංකා නියෝජිත – විකල්ප විධායක අධ්‍යක්ෂ පී. කේ. හරිස්චන්ද්‍ර තානාපති කාර්යාල නි: දූත මණ්ඩල ප්‍රධානී රෝහණ අඔගොල්ල වානිජ අංශ ප්‍රධානී චරිත යට්ටෝගොඩ මහත්වරුන් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...