ජනාධිපති ධුරයට පත්වී ‘තත්පර දෙකක් ඇතුළත’ විශේෂ නීතීඥ ජැක් ස්මිත් ධුරයෙන් ඉවත් කිරීමට නියෝග කරන බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනාධිපතිවරනය ජයග්‍රහණය කරන්නේ නම් ධුරයට පත්වී තත්පර දෙකක් ඇතුළත විශේෂ නීතීඥ ජැක් ස්මිත් වහාම සේවයෙන් පහ කිරීමට නියෝග කරන බව ප්‍රකශ කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා මේ බව ඊයේ(24)දිනයේදී හියු හෙවිට් සමඟ කරන ලද සම්මුඛ සාකච්චාවකදී ප්‍රකාශ කර තිබු අතර ට්‍රම්ප් පසුගිය වසරේ ෆ්ලොරිඩාවේ හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ මාර්-ඒ-ලාගෝ සමාජ ශාලාවේ සහ වොෂිංටනයේ දී රහසිගත ලේඛන රඳවා තබා ගැනීම හා 2020 ජනාධිපතිවරණය පෙරලා දැමීමට උත්සහ කිරීම යන චෝදනාවන් මත විශේෂ නීතීඥ ජැක් ස්මිත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරා ඇත.

විශේෂ නීතීඥවරයකු සේවයෙන් පහ කිරීමේ බලය විධිමත් ලෙස පවතින්නේ නීතිපතිවරයා වෙත වන නමුත්, විභාග වෙමින් පවතින අපරාධ නඩු දෙක අධිකරණ දෙපාර්තමේන්තුව ඉවත් කර ගැනීමට එකඟ වන පක්ෂපාතී පුද්ගලයෙකු නීතිපති ලෙස පත් කිරීමේ ඔහුගේ අභිප්‍රාය ට්‍රම්ප් සඟවා නැත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කමලා හැරිස් මැතිවරණ ව්‍යාපාරය ප්‍රකශ කර තිබුණේ,ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශවලින් පෙනී යන්නේ ඔහු නීතියට ඉහළින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...