රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එහි අරමුණ වනුයේ , රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට බව ඇය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමිනි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියාසිටියේ, වර්තමාන රජයට මෙරට ඩිජිටල්කරණය කිරීම සඳහා පැහැදිලි දැක්මක් ඇති බවත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම මූලික කරගත් ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවත්‍ ය.

ඒ අනුව යාපනය, මාතර සහ නැගෙනහිර පාළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කලාප ඇතිකිරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ජාත්‍යන්තර ඩිජිටල් සමාගම් සහ දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදකයින් අතර සබඳතාවයක් ඇති කිරීමද අවශ්‍ය බව තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම, ඒ සඳහා පහසුකම් සැපයීම, වෘත්තීයවේදීන් සඳහා අවශ්‍ය දීමනා ලබාදීම වැදගත් බවත් මෙහිදී පෙන්වා දුන් අතර, ඩිජිටල් අංශය සඳහා කාන්තාවන්ගේ දායකත්වය වැඩිකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදි වැඩිදුරටත් කියා සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...