*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව අවසාන තරගයට පහුසවෙන්

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 26, (LNW) කොළඹ: හොංකොං සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ලකුණු 71 – 46 ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම තමන් සතු කුසලානය රැක ගැනීම සඳහා අවසාන තරගයට පිවිසෙන්නට සමත් වුණා.සිංගප්පූරුව සහ මැලේසියාව අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සමඟ ඔවුන් සිය කුසලානය රැක ගැනීමේ අවසාන සටනට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ තරගයේදී පෙර තරගවලට වඩා සිය රිද්මය වේගවත්ව පවත්වා ගෙන යාමට උත්සාහ කළ අතර ඒ නිසා සිඳු වූ අත්වැරදීම් ද දකින්නට ලැබුණා.දැල අසළ පෙර සිටි තර්ජනී සිවලිංගම්ව සිහිපත් කරමින් තිසාලා අල්ගමගේ ඉලක්කය නිරන්තරයෙන් දැල තුළට යොමු වීම කැපී පෙණුනා.දැල විඳින්නයගේ සහයට සිටින්නී රශ්මි දිව්‍යංජලී ගෝල් ඇටෑක් ස්ථානයට සීමා නොවී අයට පිටියේ ආවරණය කළ හැකි සියලු දුර ආවරණය කරමින් ක්‍රීඩා කිරීම කැපී පෙණුනා.එසේම එම වේගය හදිස්සියක් වීම නිසා සුලුවෙන් වූ අත්වැරදි ද අවසාන තරගයේ වෙන්නට නොදීමට ඇය කල්පනා කාරී විය යුතුයි.
චතුරංගි ජයසූරියගෙන් හිස් වූ තැන පුරවන්නට මල්මි හෙට්ටිආරච්චිගේ ආදේශ කිරීම කැපී පෙණුනා.ඇය සහ ගයනි දිසානායක ශ්‍රී ලංකා දැල අභියස ප්‍රතිවාදීන්ට එරෙහිව දැක් වූ දක්ෂතා ප්‍රශස්ත මට්ටමක පැවතියා.විශේෂයෙන්ම නායිකා දුලංගි වන්නිතිලක සහ ගයංජලී අමරවංශ ක්‍රීඩා පිටිය තුළ දැක් වූ වේගවත් ක්‍රීඩා රටාව මෙන්ම පන්දු හුවමාරුවේ වේගයද හොංකොං ක්‍රීඩිකාවන්ට තරගයට අවතීර්ණ විමේ ඉඩකඩ වසා දැමුණු එකක් වුණා.
විශේෂයෙන්ම දුලංගි,ගයංජලී සහ රශ්මි යන තිදෙනාම සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම සතු නො‘උස් ක්‍රීඩිකාවන් හැටියට ගත හැකි වුව ද,ඔවුන්ගේ ඉහළ ඉල්පිමේ ගුණාංගය නිසා බොහෝ විට පන්දුව ලබා ගැනීමේදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ගේ උස් බව අභියෝගයට ලක් වූයේ නැහැ.සමස්තයක් ලෙස ගත් විට ද ශ්‍රී ලංකා කණ්ඩායමම හොංකෝං ක්‍රීඩිකාවන්ට වඩා ප්‍රානවත්ව සහ වේගවත්ව ඉහළ ඉල්පීම් ලබා ගනිමින් සහ පන්දුවට මුහුවීමේ දී කාලය සහ වේගය පවත්වා ගෙන යමින් කැපී පෙණුනා.
බොහෝ විට අවසාන තරගයේ දී රශ්මිගේ වේගය මැද පෙළට යොදවා ගෙන හසිතා මෙණ්ඩිස් වැනි ක්‍රීඩිකාවක් අත්දැකීම් ද සමඟ කණ්ඩායමට කැඳවන්නට ඉඩ තිබෙනවා.එවැනි තත්ත්වයකදී හසිතා ගේ කාර්යය විය යුත්තේ ඇය උත්සාහ කරනවාට වඩා උපක්‍රමික ලෙස තිසාලා හරහා ලකුණු රැස් කර ගැනිමට උත්සාහ කිරීමයි.
පහත දැක්වෙන් එක් එක් කාර්ත්ව තුළ ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගයේ ලකුණු රැස් වූ අයුරුයි.
18 – 9,18 – 12,20 – 9 සහ 15 – 17 ක් විය.අවසාන කාර්තුව සඳහා ශ්‍රී ලංකාව මුල් කාර්තු තුන සඳහා ක්‍රිඩා කළ දක්ෂතම කණ්ඩායම වෙනුවට ආදේශක යොදාවා ක්‍රියා කිරීම සහ හොංකොං කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රටාවේ රිද්මයට අනුගත වීම නිසා අවසාන කාර්තුව ජය ගැනීමට හොංකොං කණ්ඩායම සමත් විය.මේ තත්ත්වය අවසාන තරගයේදි ශ්‍රී ලංකාව අවසාන තරගයේ දී ඉතා තදින් කල්පනාවට ගෙන තරගය පුරාම ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් තමන්ගේ හැකියාව සහ කැපවීම තරගය වෙනුවෙන් සියයට සියයක් ලබා දීම වැදගත්ය.
මීට පෙර සංචිතයක් හැටියට ගත් විට පිටියට නොබැස්සා කියා ගැටළුවක් පැන නඟින්නේ නැත.බංකුවේ ඉඳගෙන සිටින ඕනෑම ක්‍රීඩිකාවක් ක්ෂණිකව ඒ මට්ටමට හෝ ඒ ආසන්න මට්ටමට තරගයේ ජයග්‍රාහී රිද්මය නොබිඳ පෙරට ගෙන යාම සඳහා යොදා ගන්නට හැකියාව තිබිණ.2001 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවති ආසියානු තරගාවලිය මොහොතේ අවසන් විනාඩි කිහිපයට ධම්මිකා වික්‍රමසිංහ යොදවමින් එවකට පුහුණුකාරියව සිටි හයසින්ත් විජේසිංහ ඒ වන විට ඉදිරියෙන් සිටි සිංගප්පූරුව අන්ද මන්ද කරමින් සිංගප්පූරු දැල වෙත පන්දුව හරවා යැවීමට ධම්මිව යොදා ගත් ආකාරය ඊට හොඳම උදාහරණයක්ය.
ඒ නිසා කිරුළ රැක ගැනීම අපහසු නැත.පහසු ද නැත.අවසාන තරගයක මානසිකත්වය ස්ථාවරව පවත්වාගෙන යාම,සිඳුවන සුළු අත්වැරදීමකදී හෝ එය නිවැරදි කරගෙන ඉක්මණින් මනස ඒ මත නො‘වෙහෙසා ඉක්මණින් ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම අතිශයින් වැදගත් වනු ඇත.අනෙකාගේ රිද්මය හඹා යාම සහ එම රිද්මයෙන් ඔවුන් බිඳ තමන්ට අවශ්‍යය හැඩයට සහ රිද්මයට ගෙන ඒම ද අතිශයින් වැදගත් වනු ඇත.ඇත්තටම හොංකොං සමඟ වූ තරගය නැවත නැරඹිය හැකිනම් අවසාන කාර්තුවේදී හොංකොං කණ්ඩායම අතින් සිදු වූයේ එය බව පැහැදිළි වනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ කිරුළ රැක ගන්නටය.එය අසීරු වන්නේ ප්‍රතිවාදීන් දක්ෂ නිසාම නොවේය.තමන්ට රැක ගැනීමට දෙයක් තිබෙන නිසාය.ප්‍රතිවාදීන් සූරියන් නොවන නිසා ඔවුන් නිදහසේ ආක්‍රමණිකව එය ඩැහැ ගැනීමට උත්සාහ කරනු ඇත.එහෙත් ශ්‍රී ලංකාවට මේ දක්වා මේ තරගාවලියේ ක්‍රීඩා කළ අන්දමේම තවත් තරගයක් යන අදහසින් සහ හැඟීමෙන් අවසාන තරගයේදී ක්‍රියා කළ හැකිනම් සූරතාවය රැක ගන්නට එය පහසුවක් වනු ඇත.
පිළිවෙලක් සහිතව සංවිධානය කරමින් ඉන්දියාව තමන්ගේ සංවිධානාත්මක හැකියාව පෙන්නන ආකාරයට ඉන්දියාවේ තරග පැවත්වෙන සිමාව අවට සිටින සීමිත ලාංකිකයන් පිරිස පැමිණ ශ්‍රී ලංකාවට දිරිය ලබා දීම ද අගය කළ යුතුය.පුහුණුව,කණ්ඩායම් කළමණාකාරීත්වයට හෙට දවස වෙනුවෙන් අද ත බොහෝ වැඩ සිඳු කරන්නට ඇත.මේ වන විටත් වෛද්‍ය ලාල් ඒකනායක ඇතුළු කණ්ඩායමේ සම්භාහකයා ආසියාව දිනන්නට අවශ්‍යය නිරෝගි භාවය රැක දී ඇත.එම නිරෝගී සිරුර සමඟ මනස ද නිරෝගී කරමින් ඔවුන්ට නිසි ඉලක්කය සදහා යාමට අවශ්‍යය ශිල්පීය මඟ පෙන්වීම අවසාන තරගය වෙනුවෙන් වෙනම ලැබිය යුතුය.එ් සියල්ල සම්පූර්ණ වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ සහ අත්දැකීම් බහුල සම්මිශ්‍රණය සහිත කෙලි රෑන යළිත් හෙට ආසියාව ජය ගන්නවා නිසැකය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan