හිටපු ජනපති රනිල්ගෙන් අනාවැකියක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

මීගමුව ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින්, රට පාලනය කිරීමට පළපුරුදු ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ජනබලවේගයෙන් මෙරව මහමැතිවරණයට ඉදිරිපත් කර ඇති පිරිසට පළපුරුද්දක් නොමැති බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.

වැඩි දුරටත් ඒ මහතා පැවසූවේ,

“දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් අනුර කුමාර දිසානයක මහතාගේ ආණ්ඩුවට මාස තුනක් නෙවෙයි. සති තුනක් යන්න පුළුවන් ද කියලත් සැකයි. පළපුරුදු අය ඉන්න ඔනේ රට වෙනුවෙන්. අපි කියන්නේ, පළපුරුදු අපේ අය දාන්න කියලා. බහුතරයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේ. රට ගෙනියන්න. එතුමාට අවුරුදු තුනක් හරි ඉන්න පුළුවන් වෙන්නේ, අපි හිටියොත් විතරයි. නැත්නම් පොල් පෝලීම් විතරක් නෙවෙයි. හැමතැනම පෝලිම් තියෙයි..” කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...