*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

එන චන්දයෙන් මාළිමාවට සරළ බහුතරය ගන්න බෑ – මනූෂ

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

මම අමාරුවෙන් ගත්ත කොරියන් රැකියා දහස් ගානක් මේ ආණ්ඩුව නැති කරගන්න යනවා, ස.ජ.බ විපක්යේ වගකීම ඉටු කරේ නෑ එන චන්දයෙන් මාළිමාවට සරළ බහුතරය ගන්නත් බෑ – මනූෂ

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ධූරය දැරූ සමයෙදී තා ඉතා වෙහෙස මහන්සියෙන් ලබාගත් දකුණු කොරියාවේ ඊ 8 ඛාණ්ඩයේ වීසා හිමි රැකියා දහස් ගනනක් විදෙශ සෙවා කාර්යංශයේ ඇතැම් නිළධාරීන් සහ වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂම බව නිසා රටට අහිමිව යාමේ අවධානමක් නිර්මාණය වී ඇතිබව හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාර පැවසීය.

ගාඅල්ලේ අද පැවති ජන හමුවක්දී මේ පිළිබඳව අදහස් දැක්වූ ඔහු කොරියානු රැකියා ලබාගත් ආකාරය සහ වර්තමානයේ ඒ පිළිබඳවා ඇතිවී තිබෙනා තත්ත්වය ගැන දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

”මම දැක්කා මේ දවස්වල තවත් ප්‍රවෘත්තියක් පලවෙනවා කොරියාවේ රැකියා කෝටාව අනතුරේ කියලා . මේ පිළිබඳව කියලා තිබුනේ කොරියාවේ ඍතුමය රැකියා සම්බන්ධව තමයි මේ පුවත් පලවෙලා තිබුනේ. මම කියනන්න කැමතියි කොරියාව මේ සෘතුමය රැකියා සඳාහා සේවකයන් බඳවා ගත්තේ සීමිත රටවල් කිහිපයකින් පමණයි. ඒ වෙලාවේ මම පුද්ගලිකව කොරියාවට ගිහින් ඉල්ලීමක් කළා මේ ඊ 8 කියන වීසා කාණ්ඩය අපට ලබාදෙන්න කියලා.

ලංකාවේ කොරියානු තානාපතිවරියගෙන් මම ඉල්ලීමක් කළා . බූසාන් උළෙලට සමගාමීව ලංකාවට ආපු බොහෝදෙනෙක් එක්ක අපි කථා කළා .නගරාධිපතිවරු, ආණ්ඩුකාරවරු මැති ඇමතිවරු බොහෝ දෙනෙක් එක්ක අපි සාකච්චා කළා . ඒ රටේ ආගමන විගමන ඇමතිවරයා, කම්කරු ඇමැතිවරයා එක්ක මම කථා කළා.

අවස්ථා කිහිපයක සාකච්චා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඊ 8 කියන වීසා ඛාණ්ඩය අපට ලබාදීමට ඒ අය එකඟ වුනා. ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්ත වලින්, ඒ ඒ නගර සභා මගින් . මම කොරියාවට ගිය අවස්ථාවේ රෑ දහවල් නොතකා ඒ නගර සභා විශාල සංඛ්‍යාවකට ගිහින් පෞද්ගලිකව ඉල්ලීම් කළා ඒ වීසා කාණ්ඩය අපිටත් ලබාදෙන්න කියලා. එතකොට ඒ නගරාධිපතිවරු පවා කීවා ලංකාවේ ඇමතිවරයෙක් අපි ලඟට ඇවිල්ලා කියන නිසා අවස්ථාවක් ලබාදෙන්නම් කියලා .

ඒ රටේ නීතියට අනුව නගර සභා අතර තමයි ගනුදෙනුව කරන්න තිබුණේ . නමුත් අපේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ රටේ නගර සභාවකට කෝ පළාත් සභාවකට බෑ කෙලින්ම විදේශයක් එක්ක ගණුදෙනු කරන්න . ඒත් අන්තිමට ඒ අය තීරණය කළා අපේ ඉල්ලීමට සවන් දීලා විදේශ සේවා නියුක්ති කාර්යංශය එක්ක, ඒ වගේම ඒ රැකියා රැගෙන එන පෞද්ගලික ඒජන්සි ආයතන සමග එකතුවෙලා කටයුතු කරන්න.

ඒ විදියට එකඟ වෙලා, සියල්ල හදලා චක්‍රලේඛන හදලා, ඒ චක්‍ර ලේඛන වලින් යවන්න ඕනි කරන සේරම හදල, කොරියානු රාජ්‍යයෙන් විශාල ප්‍රමාණයක් වීසා ලැබිලත් ඒ වැඩේ ක්‍රියාත්මක උනේ නෑ . ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ තවත් විවිධ රැකියා ක්ක්‍ෂේත්‍රවලට රැකියා විශාල ප්‍රමාණයක් ලැබිල තිබුනා . ඒත් මැතිවරණයට සති දෙක තුනකට ඉස්සෙල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා ඒක අවසාන වශයෙන් ක්‍රියාත්මක කළේ නෑ .

ඒක දැනටත් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් . එක ක්‍රියාත්මක කළොත් අලුත් රැකියා දහස් ගණනක් බිහිවෙනවා. නමුත් දැන් කියනවා කොරියාවේ රැකියා අවධානමක් ඇතිවෙලා තියනවා කියලා . අමාරුවෙන් ලබාගත්ත සෘතුමය රැකියා අවස්ථා වෙනත් රටකට යෑමේ අවධානමක් ඇතිවී තිබෙනවා කියා කියනවා. ඒක ස්වාභාවිකයයි. මොකද මේ රටේ විදේශ ඒවා නියුක්ති කාරණය ඉන්න කීප දෙනෙක් ඒ අවස්ථාව ක්‍රියාත්මක කරන්නේ නෑ .

ඊට අමතරව ඊයේ දිනයේදී මම දැක්කා මාධ්‍යයට කියලා තිබුණා ඊ 8 වීසා නීති විරෝධී වැඩක් කියලා. කොරියාව එකක් ලංකාවේ එහෙම ගිවිසුමක් නෑ කියල. එක සම්පූර්ණ වැරදි කතාවක් . ඒ සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කර පසුව අවලංගු කරලා තියනවා. ඒ සම්බන්ධයෙන් පුහුණු ආයතන පිළිබඳව හඳුනාගැනීම් කරලා තියෙනවා . වැඩ කටයුතු ඉස්සරහට කරගෙන ගිහිල්ලාත්, එහෙම එකක් තිබුණේ නෑ කියල දැන් කියනවා. එක ඉතාමත්ම අපරාධ වැඩක් . මේ හම්බවෙන්න තියෙන මේ සෘතුමය රැකියා අහිමිකරගන්න එපා කියලා අපි හරිනී අග්‍රාමාත්‍යතුමියට කියනවා .

මේකේ දේශපාලනයෙන් මම තෝරපු අය නෙමෙයි ඉන්නේ . ලංකාව වටේම අයෙ ඉන්නවා. ලංකාවේ ඕනම කෙනෙකුට රට යන්න අවස්ථාව දෙන්න කියලා මම කියනවා. මේ ලැබිලා තියෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් ප්‍රාන්ත විතරක් නොවේ කොරියානු ආණ්ඩුවත් අපිට නැතිවෙයි . අපත් සමඟ තියෙන අනේ ගිවිසුම් පවා අවලංගු කරන්න මේකෙ හේතුවක් වෙන්න පුළුවන් කියන එක මං මේ වෙලාවේ මතක් කරනවා” යයි ඔහු පැවසීය .

මෙම අවස්ථාවට පැමිණ සිටි මාධ්‍යවේදීන් නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුනේ දේශපාලන කටයුතු, ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය සහ විපක්ෂයේ භූමිකාව පිළිබඳව ප්‍රශ්ණ නගනා ලද අතර ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

” නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ ගැස් සිලින්ඩරයේ ලකුණින් හොඳින් කටහ්‍යුතු කරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා සහ එතුමාගේ කණ්ඩායම රට ගොඩගත්ත බව දැන් රටම වටහා ගෙන තියන්වා. මුලා වෙලා හරි ඇස් වලට වැලි වැදිලා හරි වෙච්ච දේ ගැන මිනිස්සු දැන් කණගාටු වෙනවා . මීළඟ මැතිවරණයේදී ජනතාව ඒක තීරණය කරාවි.

ඇල්පිටිය මැතිවරණය ඉතාමත්ම හොඳයි . දැන් ප්‍රතිඵල පේන්න පටන් අරගෙන තියෙනවා මොවුන්ගේ කඩාගෙන වැටේම හැම තැනකම පේනවා. අපි දැක්කත් සමාජ මාධ්‍යයේ කියනව ඔන්න ඇල්පිටියේ ප්‍රතිඵලය . ආසන 17 න් 15 ක් ආවාම හැමෝම හිතුවා ඔන්න හෝදලාම ආවා කියලා. ඕක තමයි රටේම ප්‍රතිඵලය කියලා . ඒක ඇත්ත . ජනධිපතිවරණයේදී ගත්ත 49% ප්‍රතිශතය ඇල්පිටියේදී අඩුවෙනවා 47% දක්වා. මන්ත්‍රී ධූර සංඛ්‍යාව බෙදලා ගිහිල්ලා තියෙන්නේ පහලවට පහළොව. මාළිමාවට…ඒ කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණට පහලොවයි. විපක්ෂයට පහලොවයි. සභාපති පත් කරන්නත් බෑ. අය වැය සම්මත කරගන්නත් බෑ. අමාරු තත්ත්වයක් හැදිලා තියෙන්නේ .

එතකොට මේ අයට 50% තියන්වද. නෑ. සම්පූර්ණම මාලිමාව අරගෙන තියෙන්නෙත් දාහත්දහස් ගානයි. විපක්ෂය අරගෙන තියෙනවා දහනමදාස් ගාණක් . විපක්ෂයේ බලය වැඩියි. එහෙනම් ඒගොල්ලො කියපු විදියටම මේක තමයි රටේම ප්‍රතිඵලය වෙන්නේ එතකොට. පාර්ලිමේන්තු මැතිවරණයෙදී සරළ බහුතරය 113 හදාගන්නත් බෑ. ජනාධිපතිවරණයෙදී කෝටියක් ගන්නවා කිවාට ගත්තේ ලක්ෂ 56. මේ ඉන්නේ සුළුතර ජනාධිපතිවරයෙක්. ලක්ෂ 120 මේ ජනාධිපතිට ඡන්ද්ජය දිලා නෑ. හැබැයි ප්‍රශ්ණයක් නෑ. අපි විපක්ෂයේ හිටියාට මේ අයට සුළුතර ආණ්ඩුවක් හඳන්න ඉඩ දෙනවා . මන්ත්‍රී ධුර 80 ල් 90 ක් ගත්තත අපි මේ අයට ආණ්ඩුව හදන්න ඉඩ දෙනවා. මොකද ජනතාවට කියපු බොරු දීපු පොරොන්දු මේ අය ලවාම ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා .

ප්‍රජාතාන්ත්‍රවාදයට සහ නියෝජිත ප්‍රජාතාන්ත්‍රවදයට මේ ක්‍රමය හොඳයි. ඒ කොට්ටාෂයම නියෝජනය කරන්න කෙනෙක් ඉන්නවා,. කළින්තිබුන ක්‍රමයට මනාප ක්‍රමයට ගියාම මෙතරම් නියෝජිතයන් පිරිසක් හිටියේ නෑ. හැබැයි ගම කොට්ටාශයක් නියෝජනය කරන්න කෙනෙක් හිටියෙ නෑ . නමුත් මං විශ්වාස කරන්නේ නෑ මේ තරම් මන්ත්‍රී දුර සංඛ්‍යාවක් සභාවකට සිටිය යුතු කියලා. කොට්ඨාස නියෝජනයක් වෙන නමුත් මන්ත්‍රී ධුර අඩුවන ක්‍රමවේදයක් හදනවනම් හොඳයි . ඒ වගේම පොදුවේ හැම තැනකටම වැඩ කරන්න පුළුවන් අයට හැම තැනටම වැඩ කරන්නත් පුළුවන්න් ක්‍රමයක් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් මේ තමයි නියෝජිත ප්‍රජාතාන්ත්‍රවාදය. ඒක තමයි මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නේ.

එළියේ ඉඳන් ගහන කයිය වගේ නෙමෙයි වැඩේ කරන්න ගියාම. කිව්වේ කොහොමද. කැබ් එකක් තිබුණහම ඇති . ඔය පස්ස තියන් යන්න ලොකු වාහන ඕනිද .ඔහොමනෙ කතා කිව්වේ. ආරක්ෂකයෝ වටකරගෙන මොකටද යන්නෙ. ඔය වගේ කථා නේ කීවේ. පළවෙනි වතාවට තමා දන්නේ අගමැති ධූරය, ජනාධිපති ධූරය මොකක්ද කියලා. වෙලාවකට තවම අමතකයි කවුද ජනධිපති කවුද අගමැති කියලා. ජනාධිපති කියන්නේ රටක ප්‍රධාන පුරවැසිය අගමැති කියන්නේ රටේ දෙවැනි පුරවැසියා . ඒ වගේ තතතුරු දරද්දි කරන්න තියන දෙවල් තියනවා. සෙකියුරිටි ප්‍රටෝකෝල්ස් තියනවා. මේ පිළිබඳව කිසි දෙයක් නොදැන පහුගිය කාලේ ප්‍රකාශ නිකුත් කළ . ජනතාවගේ වෛර හැදුවා දේශපාලනඥයින්ට එරෙහිව . අද කර කියාගන්න දෙයක් නැතුව ඔවුනුත් ඒකම කරනවා. බොරුවට මවපු සමාජ වෛරය ඔවුන්ටම පෙරළලා භූමරංගයක් බවට පත්වෙන්න පටන් අරගෙන තියෙනවා.

ඔය තාම පටන් ගත්ත විතරයි. හරිනිත් ඇඹරී ඇඹරී කියනවා ඉතින් ”මං ඩිස්කස් කරා. මම බැලුව. මේක නෙගෝෂියට කළා. හැබැයි ඉතින් අවසානයේදී බැකප් දෙකක් තුනක් ඕන නේද . ඉස්සරහින් පස්සෙන් බයික් දෙකක් ඕන කියන එක නේද ඒ කියන්නේ. ඔහොම තමයි ඔවුන් මවාපු බොරුව අනිත් පැත්තට ඔවුන්ටම පත්තු වෙන විදිය තමයි ”

”ප්‍රබල විපක්ෂයක් විදියට තමයි අපි හැදුවේ සමගිි ජන බලවේගය හැදුවේ. අපි තමයි ගෝඨා ගෝ හෝම් කිව්වේ. සමග ජනබලවේගය තමයි ඒ වෙලාවේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගෝඨාට බෑ කීවේ. සර් ෆේල් . සර්ට යන්න කියල කිව්වෙ අපි . හැබැයි ඒක කිව්වෙ සමගි ජන බලවේගයෙන් හරිනුයි මමයි . එදා විපක්ෂයේ භූමිකාව අපි පාර්ලිමේන්තුත් පිටත් කළා ඇතුලේ කළා.

අපි විරෝධතාවය අරගෙන ආවා ජනධිපති කාර්‍යාලය ලඟට, ගෝඨට උඩින් කපුටෙක් වත් යන්නේ නැති කාලේ . ඝෝඨා ගෝ කියල පළවෙනි උද්ඝෝෂණය කළේ අපි . සමහර නායකයෝ බයවෙලා අපිට ඒ පැත්තට යන්නත් එපා කිව්වා . අන්තිමට ගෝඨාභය මහත්තයගෙන් කොල් එක ,ආවයින් පස්සේ තමයි ටක් ගාලා දුවලා ආවේ. නැතිනම් විරෝධතාවය වෙනින් තැනකට අරගෙන යන්න කියලයි කීවේ . එතකොට නුවරින් පටන් අරන් පෙළපාලියේ ආවා. විපක්ෂය කාර්යභාරයේ පාර්ලිමේන්තුව ඇතුළෙ ඉඳගෙනත් පිටදීත් අපි කළා. නිතරම ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටියා

හැබැයි විපක්ෂය කාර්යභාරය කියන්නේ මිනිස්සු අමාරුව වැටුනහම පැනල දුවන එක නෙවෙයි. විපක්ෂ නායකවරයා විදියට විපක්ෂය විදියට මිනිස්සු මැරිච්ච වෙලාවේ පැනලා දිව්වා . අපි අපේ ජීවිත අවධානම පැත්තකින් තියලා යුතුකම ඉෂ්ට කරා. අපිට දවසේ පැය 24 ම මහන්සි වුනේ ඊළඟට තෙල් නැව ගේන්න සල්ලි හොයන්නෙ කොහොමද. ගල් අඟුරු ටෙන්ඩරයට ගෙවන්න සල්ලි හොයන්නෙ කොහොමද කියලා . රටට අවශ්‍ය බෙහෙත් ටික ගෙන්න ගන්න, ඊළඟ ඕඩර් එක දාන්න සල්ලි හොයන්නේ කොහොමද කියලයි. ඒකට තමයි අපි මහන්සි වුනේ . අපි අපේ ජීවිතයේ කාලය කැප කළේ ඒ වෙනුවෙන් .

විපක්ෂය මොකක්ද කළේ මගේ ඇරලා ගමේ ගිහිල්ලා ඡන්දෙ කළා. හැබැයි ඒ විපක්ෂයේ භූමිකාවත් කරන්න බැරිවෙච්ච නිසා. අනුර කුමාර දිසානායක විපක්ෂයේ භූමිකාව ගත්තා.
වෛරය පතුරවලා හරි තුන් දෙනෙක් එක හරි එයා විපක්ෂයේ භූමිකාව කළා, මේ අය විපක්ෂයේ භූමිකාවේශ කළේ නෑ . ඉස්සරහටත් විපක්ෂයේ භූමිකාව කරන්නෙත් නෑ. මං හිතන්නේ ඉදිරිය මැතිවරණයේදී තුන්වෙනි තැනට විතර වැටෙයි කියන එකක් මතක් කරන්න ඕනේ ”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan