ලාංකේය බැඩ්මින්ටන්වලට දක්ෂයන් බෝ වෙමින් ඇත.රනිත්මා,රසිඳු සහ දුමිදු හෙට සිට ඉන්දුනීසියාවේ තරග බිමට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 28,(LNW) කොළඹ :

ඔක්තෝම්බර් 29 වන දා සිට නොවැම්බර් 3 වන දා දක්වා ඉන්දුනීසියාවේ සුරබයා හී පැවත්වෙන WONDR by BNI Indonesia Masters II 2024 බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා අංශයෙන් රනිත්මා ලියනගේ ද,පිරිමි අංශයෙන් රසිඳු හෙන්දහේවා සහ දුමිඳු අබේවික්‍රම ද සහභාගි වීමට නියමිතයි.සේ තිදෙනා අතරින් දින කිහිපයකට පෙර රසිඳු සහ රනිත්මා ඉන්දුනීසියාවේදී ම ද,දුමිදු නවසීලන්තයේදි ද ජයග්‍රාහී දස්කම් දක්වන්නට සමත් වුණා.


මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යම් ආකාරයකට ලෝකයේ ඉහළ මට්ටමෙන් බැඩිමින්ටන් ක්‍රීඩාව නඩත්තු වන සහ ඉහළින් පවත්වාගෙන යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතා ඉදිරිපත් කරමින් තිබෙනවා.විරේන් නෙත්තසිංහ ඔල්ම්පික් සුදුසුකම සඳහා යාමට කළ ආකාරයටම මේ වන විට රසිඳු,දුමිදු සහ රනිත්මා ද ප්‍රබල රටවල ක්‍රීඩකයින් සහ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභියෝග කරමින් දක්ෂතා අතරට පැමිණෙමින් තිබෙනවා.


වැඩි අවස්ථාවක් වැඩි පිරිසක් වෙත ලබා දීමට දක්ෂයන් වැඩි පිරිසකට අවස්ථාව ලබා දීම කෙරෙහි වත්මන් බැඩ්මින්ටන් පරිපාලනය වෙනුවෙන් එහි සභාපති රොහාන් ද සිල්වා විසින් ගත් උත්සාහයන්වල පලයක් ලෙස මේ ආකාරයට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රගතියක් දකින්නට ලැබීම සතුටට කාරණයක් වෙනවා.එසේම විරේන් නෙත්තසිංහ ද නොවැම්බර් මාසයේ දී සිය ජාත්‍යන්තර තරග සහභාගීත්වය ආරම්භ කිරීමට නියමිත බව සැළවෙනවා.ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තරගකාරීත්වයක් ඇති විය හැකි මට්ටමේ ඉහළ දස්කම් සහිත ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් බෝ වීමක් ඇති වීමේ සුබ ලකුණු පෙනෙන්නට ලැබෙනවා.


මේ අතර ක්‍රීඩිකාවන් අතරින් ද රශ්මි මුදලිගේ වැනි ක්‍රීඩිකාවන් ද ජාත්‍යන්තර වශයෙන් ලැබෙන තරගවලදී යම් ආකාරයක ප්‍රගතියක් තරග අත්දැකිම් තුළින් ලබා ගන්නා බව පෙනෙන්නට තිබෙනවා.ඒ අනුව දැන් හොඳ දක්ෂයන් බෝ කරන තවානක් බවට ශ්‍රී ලංකා බැඩ්මින්න් පත් වෙමින් තිබෙන අතර ඒ සඳහා සියල්ල අතරේ රොහාන් ද සිල්වා පෞද්ගලිකව කරනු ලබන කැපකිරීම් සහ මැදිහත්වීම් ද අගය කිරීමට ලක් විය යුතුයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...