යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ බව සඳහන් වේ.

ඒ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීමෙන් පසු යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පිළිගැනීම වෙනුවෙන් සම්මාන මුරයක් පිරිනැමුණු අතර , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක ලේකම්වරයා පිළිගනු ලැබූ බව සඳහන් වේ.

ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක ද නිරත වී ඇති අතර , ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට යුද හමුදාව දක්වන දායකත්වය ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අගය කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...