ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි – අද (30) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා...

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...

කෝටි 10 කොල්ලය : අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල රන් භාණ්ඩ වෙළඳසැල් දෙකකින් රුපියල් කෝටි...