රනිල්ගේ වුවමනාව ඉටුකරන්න මොන නාඩගම නැටුවත් අපි මේ ගමන ඉස්සරහට යනවා – නාමල්

Date:

කොළඹ LNW: රනිල් වික්‍රමසිංහගේ වුවමනාව ඉටුකිරීම සඳහා කුමන නාඩගම නැටුවත් ජාතික ජන බලවේගය ලෙස ආරම්භ කර තිබෙන ගමන ඉදිරියට යන බව කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඒ අනුව එළඹෙන 14 වැනිදා ජාතික ජන බලවේගය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බවයි ඔහු පවසන්නේ.

ජනාධිපතිවරණයේදී වෙනත් පක්ෂවලට ජන්දය දුන්න විශාල ජනතාවක් මේ වන විට මාලිමාවත් සමඟ ඉතා වේගයෙන් එකතු වෙමින් සිටින බවද නාමල් කරුණාරත්න මහතා කියාසිටියි.

”මොන මඩ අවලාද නැගුවත්, ගම්ම්න්පිලලා නෙවෙයි කවුරු වුණත් රනිල්ගේ ගැටේට අහුවෙලා රනිල්ගේ වුවමනාව ඉෂ්ට කරමින් මොන නාඩගම නටන්න හැදුවත් මේ ගමන අපි ඉස්සරහට යනවා. ජනතාව මෙයට පෙළගැහෙනවා.අපි කියනවා අනිවාර්යයෙන්ම එළඹෙන 14 වැනිදා මැතිවරණයේ ජාතික ජන බලවේගය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් රට තුළ ලබනවා. අපි කුරුණෑගල දිස්ත්‍රික්කය විදිහට කියනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයකින් මේක කෙළවර කරනවා. ඒ කෙළවර කිරීමට අදාළ සියලුම සැලසුම් සූදානම් කිරීම් අපි කරලා තියෙනවා. අපිට දැනෙනවා මෙතෙක් ජන්දය නොදුන්න අති බහුතර ජනතාවක්, ඒවගේම තමයි අනික් පක්ෂවලට ජන්දය දුන්න විශාල ජනතාවක් මේ වෙනකොට ඉතාමත් වේගයෙන් මාලිමාවත් එක්ක එකතුවෙමින් තියෙඅන්ව කියන කාරණය මතක් අක්රමින් අපි මේ ආණ්ඩුව අංග සම්පූර්ණ කළාට පස්සේ අනිවාර්යයෙන්ම මේ රට පරිවර්තනිය යුගයකට රට අරගෙන යනවයි කියන කාරණයත් මතක් කරනවා.” යනුවෙන් ඔහු තවදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...