වැඩ බැරි අය පාර්ලිමේන්තු එවන්න එපා – මධුර විතානගේ

Date:

කොළඹ LNW:රට අර්බුදයකට යමින් තිබෙන අතර IMF ණය වාරිකය ලැබෙන්නේ ද?නැද්ද? යන්න ආණ්ඩුව රටට හෙළි කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පැවසුවේය.

මේ වන විට වැඩ බැරි තුන්දෙනෙක් රට පාලනය කරමින් සිටින අතර වැඩ බැරි අය පාර්ලිමේන්තුවට නොඑවන ලෙසයි විතානගේ මහතා පැවසුවේය.

ඒ, අද (30) කොල්ලුපිටියේදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අයවැය සම්මත කරගැනීමට තිබුණු බවද ඔහු සඳහන් කරන ලදී.

”වැඩ බැරි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට එවන්න එපා. මේ වනවකොට වැඩ බැරි තුන්දෙනෙක් රට කරගෙන ඉන්නවා. අද වෙනකොට වැඩවර්ජන මෙහෙයවපු කට්ටිය ආණ්ඩුවේ ඉන්නවා. 2025 අයවැයෙන් සහන දෙන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටියේ. පඩි වැඩි කිරීම සඳහා කමිටුවක් පත්කර කමිටු වාර්තාව ජනාධිපතිතුමාට ලබා දි තිබෙනවා. වැඩ බැරි ආණ්ඩුව වගකීම් වලින් පැනලා යන්න හදනවා. ක්‍රියාපටිපාටි නොදන්න ජනාධිපතිවරය සහ නොදන්නා අගමැතිවරයෙක් ඉන්නේ. නීති සහ රෙගුලාසි නොදන්න අයයි මේ කට්ටිය. රනිල් ජනාධිපතිවරයා හිටියනං නොවැම්බර් මාසේ පාර්ලිමේන්තු විසුරුවා හැරලා අයවැය සම්මත කරගන්න ඉඩ තිබුණා.IMF ණය වාරිකය ලැබෙනවද නැද්ද කියලා මේ අය රටට හෙළි කළ යුතුයි. භයානක ආර්ථික අර්බුදයකට රට පත්වෙමින් තිබෙනවා. අවදානම් තත්ත්වයකට පත්වී තිබෙන්නේ.අභියෝගාත්මක පාර්ලිමේන්තුවක් ඉදිරියේදී අපට ලැබෙනවා. රජයට අභියෝග කරනවා අපි කියන එවා බොරු නම් කියන්න කියලා. රේගුව මිලියන ගාණක් බදු ආදායම් රජයට ලබා දී තිබෙනවා. අනුර කුමාරට කියනවා මාස හයෙන් හයට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙන්න එක පෙන්නන්න කියලා කරන්නේ කොහොමද කියලා.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...