ඔක්තෝබරයේ කොළඹ උද්ධමනයේ වෙනසක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේදී සෘණ 0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී සෘණ 0.8% ක් දක්වා තවදුරටත් අඩු වී ඇත.

2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වී තිබුණේ සෘණ 0.3%ක් වශයෙනි.

2024 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සෘණ 1.6% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 සැප්තැම්බර් මාසයේ දී සෘණ 0.5% ක් වශයෙන් වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...