පොහොට්ටුව හැර ගිය විශාල පිරිසක් ආපසු පක්ෂයට එකතු වෙනවා – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා පැහැදිලිවම වැඩි ඡන්ද ප්‍රමාණයක් මහමැතිවරණයේදී ලබාගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමා හිතනවාද පහුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙවර ලැබෙයි කියලා ?

“පැහැදිලිවම වැඩිවෙනවා … පැහැදිලිවම”

ප්‍රශ්නය – ඇයි ඒ ?

“කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ජනාධිපති මැතිවරණය අපි ජයග්‍රහණය කරන්නෙ නෑ කියලා හිතලා සමහරු ඡන්දෙ දාන්න ගියෙ නෑ. ඒත් අද ඒ අය ඡන්දෙ දාන්න යනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල දිහා දැකලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතුවෙන විශාල පිරිසකුත් ඉන්නවා. ඒ වගේම අපිව අතහැරලා ගියපු, සිලින්ඩරය වගේ අනෙකුත් පක්ෂ එක්ක සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් නැවත වතාවක් අපේ පක්ෂය එක්ක එකතු වෙනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 30) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 342,781 ක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...