නව කැබිනට්ටුවේත් ජොනීට ඇමතිකමක්. ප්‍රසන්න, බන්දුල, මහින්දානන්ද ඇමතිකම් එපා කියයි !

Date:

අලුතින් දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයේත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය ධුර 15කට සීමා කිරීමට මුලින් යෝජනා වී තිබුණු නව කැබිනට් මණ්ඩලය මේ වනවිට 22ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු ඇමතිවරුන් නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා විය.

එමෙන්ම ජීවන් තොණ්ඩමන් මහතාට ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබාදීමට රජය සූදානම් වුවත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර අමාත්‍ය ධුර භාර නොගන්නා නමුත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීමට ද ඔහු පොරොන්දු වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...