*
Thursday, November 21, 2024
spot_img

Latest Posts

රැල්ලෙන් රැල්ලට ….

විවිධ වූ වර්ගයේ රැළි (Waves) දක්නට ලැබෙන්නේ ය. මුහුදේද , ඇළ දොළ ගංගා වල ද, වැව් පොකුණුවලද රැළි ඇතිවන්නේමය. ගල්කැටයක් ළිඳකට දැමූ විටද රැළි ඇති වන්නේය. සමාජීය ක්‍රියාවන් තුලද රැළි ඇතිවීම දක්නට ලැබෙන්නේමය. සමාජීය රැළි වඩා වැදගත් වන්නේ, එහි ඇති මිනිස් ක්‍රියාකාරිත්වය නිසාමය.

ඔය කොයි රැල්ලකත් හැසිරීමේ යාන්ත්‍රණය නම් එකම එකමය. සෑම රැල්ලකම ප්‍රධාන ලෙසටම අවධීන් තුනක් නම් පැහැදිලිය. ඒවානම් උත්පාත අවධියත්, උපරිම අවධියත් සහ අවපාත අවධියත් ලෙසටය. උත්පාත අවධිය තුලදී රැල්ලේ වර්ධනය සිදුවන්නේය. මෙම වර්ධනය සිදුවන්නේ වැඩි වන සීග්‍රතාවයෙන් වැඩි වීම(Increasing phase at increasing rate)ලෙසටය. උපරිම අවධිය (optimum phase) තුලදී රැල්ලට යාහැකි උපරිමයක් දක්වා ගමන් කරන්නේය. ඊට පසුව ඇත්තේ නම් රැල්ලේ අවපාත අවධියය. එහිදී රැල්ල අඩුවන සීග්‍රතාවයෙන් (decreasing phase at decreasing rate) බින්දුව කරා අඩුවන්නේය. මෙයනම් සෑම රැල්ලකටම සහජයෙන්ම උරුම වූ යාන්ත්‍රණයේ ලාක්ෂණිකයන්ය.

රැළි වල ලාක්ෂණිකයන් සමාජමය රැළි වලද එලෙසම ක්‍රියාත්මක වන්නේය. 1970දී ඇතිවුනු සිරිමාවෝගේ රැල්ලේ අවපාතයේදී J.R.ගේ රැල්ලේ උත්පාතය සිදුවුනේය. J.R.ගේ රැල්ල උපරිමයට ඇවිත් 1994 දී අවපාතයකට පත්වූයේ චන්ද්‍රිකාගේ රැල්ලේ උත්පාතය ඇතිකරමින්ය. එලෙසම චන්ද්‍රිකාගේ රැල්ලේ අවපාතයේදී මහින්දගේ රැල්ලේ උත්පාතය ඇතිවිය. මහින්දගේ රැල්ලද අවපාතයකට ගියේය. තව තවත් රැළි ඇතිවිය. ඒවාද එලෙසම බැස ගියේය. ගෝඨාභයගේ රැල්ල නම් ඉතාම අඩු කාලයකදී අවපාත අවධිය කරා ගියේය. කෙසේවතත් රැළි නම් දිගින් දිගටම ඇතිවන්නේමය. දිගින් දිගටම බැසයන්නේමය. රැළිවල නියම යාන්ත්‍රණය මෙයම මිස වෙනත් කිසිවක් නොවන්නේමය.

එක පෙලට එන අනවරත රැළි පෙරහැරේ දැන් ඇත්තේ අනුරගේ රැල්ලය. කුමන වූ රැල්ලකට වුවද පොදු වන්නාවූ යාන්ත්‍රණයම මෙම රැල්ල තුළත් ක්‍රියාත්මක වන්නේ ලාක්ෂණිකයක් ලෙසටමය. රැල්ලේ අභ්‍යන්තර යාන්ත්‍රණය මෙයම වුවද බාහිරින් පෙන්නුම් කරන්නාවූ ලාක්ෂණිකයන් නම් බොහෝය.

කළ කළ දේ පල පල දේමය. රජකම් කළත් කලකම් පලදෙන්නේමය. රැල්ල නැගෙනවිට රජකම්කල වූවන් රාජ සභාවද සමග රැල්ලට බිලිවන්නේය. ඔටුනු ගැලවී ගංගාවේ පාවීයන්නේය. ඔටුනු ගිලිහුනු රජතුන්කට්ටුවම ගංඟාවේ ගිලී පතුලබලා ගමන් ගන්නේය. දෛවයේ සරදමට ලක්වන මොවුන් නම් එසේ මෙසේ අයනම් නොවන්නේමය. දිය උඩින් සතුරු බව පෙන්වමින් දිය යටින් සැබෑවටම මිතුරුබව පෙන්වූ යසලාලකලාය. හොර රහසේම හොර ගිවිසුම් ගසා රට පාවා දුන්නාවූ පස්වන මිහිදුලාය. අර්බුද හමුවේ ජනතාවට විහිළු සැපැයූ සෙල්ලම් නිරිඳුලාය. මොවුන්ගේ ඔටුණු ගංගාවේ පාවී පහළට යන්නේය. මොවුන් ගංගාවේ ගිලී ගංගා පතුල කරා යන්නේය. ඒ යන ගමනේදී, පවා පාවෙන ඔටුනු දැක අනේ අනේ, සැපයි කියන්නේය. ඔටුනු සමග බැඳි තණ්හාවේ තරම නම් එයමය. “අනේ මෙහෙම තණ්හාවක් ය, අනේ මෙහෙම ආශාවක් ය”.

රැල්ලේ උත්පාත අවදියටම ලාක්ෂණිකවූ තවත් ප්‍රධානතම වූ ක්‍රියාවක් නම් ඇත්තේය. එයනම් “කවන්ධයන්ගේ” ක්‍රියාවයි. කවන්ධයෝ වනාහී හිස නැති කඳ පමණක් ඇති සත්ව කොට්ථාශයක් වන්නේය. ජීව පරිණාමයේදී පෘශ්ඨ වන්ශීන් (vertebrates) ට අයත් වුද හෝමෝ සේපියන්ස් (Homo sapiens) දක්වා පරිනාමය වූ ද සත්ව කොට්ඨාශයක් වන්නේය. නමුත් සේපියන්ස්ලාගෙන් පැහැදිළිව වෙනස්වන්නාවූ ගතිලක්ෂණ සහිත සත්ව විශේෂයක් වන්නේය.

කවන්ධයින්ට ඇස් නොමැති බැවින් පෙනීමක්ද, කන් නොමැති බැවින් ඇසීමක්ද, නාසයක් නොමැති බැවින් ගඳ සුවඳ දැනීමක්ද, දිවක් නොමැති බැවින් රස හඳුනාගැනීමක්ද, කල නොහැකිවන්නේය. එමෙන්ම මොළයක් නොමැති බැවින් බුද්ධියක්ද නොමැත්තේය.

කවන්ධයෝ රැල්ලෙන් රැල්ලට පනින්නේමය. රැල්ලේ උත්පාත අවධියේදී රැල්ලට පැන එහි පීනමින් පාවෙන ඔටුනූ ගොඩදැමීමත් රැල්ල තුල බල්ටි ගසමින් කවන්ධයන්ටම උරුමවූ කවන්ධයන්ගේ ගීතය ගයමින් රැල්ලලේ පීනීමත් ඔවුන්ගේ කාර්යය වන්නේය.

රැල්ලේ අවපාත අවධියේදී අනෙක් රැල්ලේ උත්පාත අවධියට පැන පිහිනීම කරන්නේය. මුඛයක් නැති බැවින් ගුදයෙන්ම කවන්ධයින්ගේ ගීතය ගයන්නේ මුළු පරිසරයම කුණුම කුණු ගඳ පතුරවමිනි. තනුවද, ගායනයද, සංගීතයද කවන්ධයින්ගේමය.

කවන්ධයින්ගේ ගීතය

“මාස එකයි මාස එකයි,
ආපු ගමන් ආපු ගමන්………//
මාස තුනයි මාස තුනයි,
කල් ඕනෑ කල් ඕනෑ……….//
වසර එකයි වසර එකයි,
මදි කාලය මදි කාලය…….//
වසර දෙකයි වසර දෙකයි,
ඉවසනු මැන ඉවස මැන,
තව ඩිංගක් ඉවසනු මැන……..//

වසර තුනයි වසර තුනයි,
මහ බැංකුව හිස් බැංකුව,
දන්නෙනැද්ද හිස් බැංකුව
විදේශ ණය අහස උසට,
දන්නෙ නැද්ද විදේශ ණය…//

සිව් වසරයි සිව් වසරයි,
වැඩ වර්ජන වානා,
උත්ඝෝෂණ වානා
කඳුලු ගෑස් ඕනා,
බැටන් පහර ඕනා.

පස් වසරයි පස් වසරයි,
නව රැල්ලක් නැග එන්නේ,
පරණ රැල්ල බැසයන්නේ,
පනිමු පනිමු ඒ රැල්ලට
වැරදි කියමු මේ රැල්ලට
බංගවේව මේ රැල්ලට,
ජයවේවා, එන රැල්ලට!…..//.

~ ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)
“89-සහෝදරත්වය”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan