අද රටේ තියෙන්නේ බඩු මිලවත් පාලනය කරගන්න බැරි අසාර්ථක අකාර්යක්ෂම රජයක් – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණ තුන්කොන් සටනින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනාධිපති වු බවත් ඔහුව ජනාධිපති කර බොහෝ දෙනා ජීවන බර අඩු කරන, ජන දුක අඩු කරන, ජනතාවාදී පාලනයක් අපේක්ෂා කළ බවත් ඔහු වේදිකාවේ පාස්පෝට් පෝලිමට විසදුම් දෙන්නේයැයි කිව්වත් අද එය එන්න එන්නම වැඩිවන බවත් රජයේ ඇමතිවරු අත්‍යාවශ්‍ය අයට පමණක් පාස්පෝට් ගන්න යැයි කියන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බඩු මිල අඩු කරනවා යැයි පැවසුවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගොස් ඇති බවත් ජන දුක වැඩි වී ජනතාවගේ කරපිට හිසමත පීඩනය අසහනය වැඩිවී ඇති බවත් පැවසූ ඒ මහතා රටේ ඇත්තේ බඩුමිල පාලනය කරන්න බැරි අසාර්ථක අකර්යක්ෂම රජයක් බවත් සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ බොරැල්ලේදී පැවැති ජන හමුවක් අමතමිනි.

තෙල් මිල සූත්‍රය නැති කර තෙල් මිල ශීඝ්‍ර ලෙස අඩු කරනවා යැයි කිව්වත් අද ඒවා ක්‍රියාත්මක නොවන බවත් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් විදුලි බිල 66%කින් අඩු කරනවා යැයි කිව්වත් එයද කළ නොහැකි වී ඇති බවත් මේවාට පාර්ලිමේන්තුවේ බහුතර ජන්ද අවශ්‍ය නොවන බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා අද වන විට කිසිම සහනයක් දෙන්නට රජයට නොහැකි ව ඇති බවත් පැවසීය.

මේ ආණ්ඩුව මාස හයෙන් හයට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා යැයි කිව්වත් අද එය කළ නොහැකිව ඇති බවත් සමගි ජන බලවේගය බලයට පැමිණියේ නම් රාජ්‍ය සේවයේ වැටුප් 24%කින් වැඩි කර සෘජු බදු වක්‍ර බදු අඩු කරන බවත් වත්මන් රජයට මේවා කරන්න බැරිව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

අයි එම් එෆ් එකට විරුද්ධව කතා කළ අනුර කුමාර දිසානායක මහතා අයි එම් එෆ් එක ඉදිරියේ දණ නමා ඇති බවත් ඔහුට අයි එම් එෆ් එක එක්ක ගනුදෙනු කරන්නබැරි වුවත් සමගි ජන බලවේගයට එය කල හැකි බවත් එම නිසා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා පුද්ගල ජයග්‍රහණය නොව ජනතා ජයග්‍රහණය වෙනුවෙන් පෙරට එන ලෙසත් බොරු බේගල්කාරයන්ට හසු නොවන ලෙසත් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...