තාවකාලිකව අත්හිටුවා ඇති වාහන අංක තහඩු නිකුත් කිරීම!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):

අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන්, වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.

එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද, ඔහු සඳහන් කළ අතර, අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට, කටයුතු යොදා ඇති බවද පැවසීය.

එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතැයි ද, ඔහු කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...