ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමත්යවරයාට එරෙහි කැනඩාවේ චෝදනා ඉන්දියාව දැඩි ලෙස හෙලා දකියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානු භූමියේ සීක් බෙදුම්වාදීන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මරණ තර්ජන සහ බිය ගැන්වීමේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලෙස ඉන්දියාවේ ස්වදේශ අමාත්‍ය අමිත් ෂා ට එරෙහිව කැනඩාව විසින් කරන ලද චෝදනාවන් ඉන්දියාව දැඩි ලෙස හෙළාදක තිබේ.

60 හැවිරිදි ෂා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්ෂක අංශ අධීක්ෂණය කරයි. ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිට පසුව රටේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකේ.

කැනඩාව විසින් කරන ලද මෙම චෝදනා වන් අභූත හා පදනම් විරහිත යොමු කිරීම්වලට ඉන්දීය රජය දැඩි ලෙස විරෝධය පළ කර ඇති බවයි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ,

පසුගිය දා අගමැති ජස්ටින් ටෘඩෝ විසින් 2023 ජුනි මාසයේදී බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ දී කැනේඩියානු සීක් ක්‍රියාකාරික හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රජයේ ඒජන්තයින් සම්බන්ධ බවට පිළිගත හැකි සාක්ෂි කැනඩාව සතුව ඇතැයි නිවේදනය කිරීමත් සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වූ අතර දෙරටම රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපා හරින ලද අතර ඉන්දියාව නැවත නැවතත් මෝම චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...