(Breaking) හොංකොං සය සාමාජික කුසලානය ශ්‍රී ලංකාවට

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 03,(LNW) කොළඹ :

තරගාවලිය පුරාම අන් කණ්ඩායම්වලට වඩා වෙනස් අනන්‍යතාවයක් සහිතව පන්දු යැවීමෙන් කැපී පෙනුණ ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං කුසලානය පහසුවෙන් ජයග්‍රහණය කරනු ලැබුවා.

කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට පකිස්තානයට ආරාධනා කරනු ලැබුවා.එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ ඔවුන්ට ලබා ගැනීමට හැකි වුයේ සියල්ල දැවී ලකුණු 72 ක් පමණයි.

පකිස්තාන ලකුණු යන්තරය අඩාල කරමින් ධනංජය ලක්ෂාන් පළමු ඕවරයේදීම ලකුණු 7 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.තරිඳු රත්නායක තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් පන්දු ඕවර් 2 ක් යවා ලකුණු 25 ට කඩුලු 2 ක් දවා ගත්තෙ තරගාවලියේ ඔහුගේ කඩුලු ප්‍රමාණය 8 ක් බවට පත් කර ගනිමින්.

ලකුණු 73 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹූ ධනංජය ලක්ෂාන් අතින් සය සාමාජික තරගයක සිඳු නොවිය යුතු අන්දමට පන්දු මඟ හැරුණා.ඒ පීඩනය මත සඳුන් වීරක්කොඩි ලකුණු වේගය වැඩි කරන්න දැරූ උත්සාහයේදී ලකුණු 34 ට දැවී ගියා.

ධනංජය දුවද්දී දැවී යන විට පන්දු 7 ට ලබා සිටියේ ලකුණු 2 ක් පමණයි.නායක ලහිරු මධුෂංක ද ලකුණු 19 ට දැවී ගිය පසු පිටියට පිවිසි තරිඳු රත්නායක ශ්‍රී ලංකාව පීඩනයෙන් මුදවා ගනිමින් පන්දු 4 දී ලකුණු 16 ක් රැස් කළේ අවසාන තරග ජයට පන්දුවෙන්ද පිත්තෙන් ද උපරිමය ලබා දුන් ක්‍රීඩකයා වෙමින්ය.ශ්‍රී ලංකාව අවශ්‍යය ඉලක්කයට සමීප වුණේ නියමිත පන්දු වාර ගණනින් එක් ඕවරයක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී ය.

ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික කුසලානය දිනූ දෙවන අවස්ථාව මෙයයි.2007 දී ඉන්දික ද සේරම් යටතේ ද ශ්‍රී ලංකාව හොංකොං කුසලානය දිනා තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...

ශිරන්ති රාජපක්ෂට ඇප !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...