හිටපු ඇමති සරත් වීරසේකර නව කැබිනට්ටුවේ ඇමතිකම් ප්‍රතික්ෂේප කරයි

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා නව කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමති ධූරයක් භාර නොගැනීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ නිවේදනයක් පළකර ඇත.

රටේ පවතින වර්තමාන අර්බුදය හේතුකොට ගෙන තමන් එවැනි තීරණයක් ගත් බවයි වීරසේකර මහතා සඳහන් කරන්නේ.

තමන් කවදත් රටේ ඒකීයභාවය,සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ඉදිරියටත් සිය යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බවද හෙතෙම අවධාරණය කරයි.

වියත් මඟ හරහා වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකාරී වූ තැනැත්තෙක් ලෙස සරත් වීරසේකර මහතා හඳුනා ගෙන සිටි අතර පසුගිය කාලය තුළ ඔහු සම්බන්ධයෙන් වාර්තා වූ ඇතැම් සිදුවීම් නිසා සමාජය තුළ ඔහු සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ලවෙන ආකාරයද දක්නට ලැබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...