රාජ්‍ය පරිපාලන සේවයේ හා ගණකාධිකරණ සේවාවල පුරප්පාඩු රැසක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ (LNW):

මේ වන විට රාජ්‍ය පරිපාලන සේවාව ඇතුළු රජයේ විධායක සේවා කිහිපයක 1200කට අධික පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය පරිපාලන සේවයේ හා ගණකාධිකරණ සේවාවල වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවත් , එම සංඛ්‍යාව 600කට අධික බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අදාළ සේවාවන්ට බඳවා ගැනීම සඳහා මේ වනවිට විභාග පවත්වා අවසන් කර ඇති අතර, එහි ප්‍රතිඵල මත බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති, අතර ඉංජිනේරු සේවයේ ඇති පුරප්පාඩු සංඛ්‍යාව 250කට අධික බව පැවසේ.

සැලසුම් සේවයේ හා විද්‍යාත්මක සේවාවල පුරප්පාඩු 100 බැගින් පවතින බවත්, මෙම සියලු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...