කොළඹ LNW:ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.
නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ගබඩාව වෙත එම ගිනිඅවි ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණේ.
ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණු අතර ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත අවශ්‍යතාව සලකා නැවත ඒවා ලබාදෙනු ඇති.
ආශිකා බ්‍රාහ්මණ