පකිස්තානයට යන ඒ කණ්ඩායමේ නායකත්වයන් පසිඳුට සහ නුවනිඳුට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 06,(LNW) කොළඹ :

පකිස්තානයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයන් පසිඳු සූරියබණ්ඩාරට සහ නුවනිඳු ප්‍රනාන්දුට හිමිව තිබෙනවා.පසිඳු පැවත්වෙන සිව්දින තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන අතර නුවනිඳු පැවත්වෙන පන්දුවාර 50 තරග තුනේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
සිව්දින තරග සඳහා පසිඳුගේ නායකත්වයෙන් සිව්දින තරග නියෝජනය සඳහා පහත නම් සඳහන් ක්‍රීඩකයන්ගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමක් කැඳවා තිබෙනවා.


1) පසිඳු සූරියබණ්ඩාර
2) නිපුන් ධනංජය
3) ඕෂද ප්‍රනාන්දු
4) පුලිඳු පෙරේරා
5) පවන් රත්නායක
6) සොනාල් දිනූෂ
7) අහන් වික්‍රමසිංහ
8) විශාද් රන්දික
9) වනුජ සහන්
10) විශ්ව ප්‍රනාන්දු
11) ඉසිත විජේසුන්දර
12) චාමික ගුණසේකර
13) නිසල තාරක
14) අශේන් ඩැනියල්
15) දිනුර කළුපහන

පන්දු වාර 50 කණ්ඩායමට නුවනිදු ප්‍රනාන්දුගේ නායකත්වයෙන් කැඳවා ඇත්තේ පහත කණ්ඩායමයි.
01) නුවනිදු ප්‍රනාන්දු – නායක
02) ලහිරු උදාර
03) කමිල් මිෂාර
04) පසිඳු සූරියබණ්ඩාර
05) පවන් රත්නායක
06) සහන් ආරච්චිගේ
07) අහන් වික්‍රමසිංහ
08) සොනාල් දිනූෂ
09) දිනුර කළුපහන
10) දුෂාන් හේමන්ත
11) කවිඳු නදීශාන්
12) වනුජ සහන්
13) ඒෂාන් මාලිංග
14) ඩිල්ෂාන් මධුශංක
15) නිපුන් රන්සික

මෙහිදී ජාතික කණ්ඩායමේ සිටි, දක්ෂතාවල පසු බැසීමක් දකින්නට ලැබෙන ඩිල්ෂාන් මධුශංක ඒ කණ්ඩායම සමඟ එකතු කර ඔහුට නැවත යථා තත්ත්වයට එන්නට මාවත සකසා තිබෙනවා.එහෙත් එක්දින ජාතික කණ්ඩායමෙන් දක්ෂතා අතර සිටියදී ඉවතට ගිය චාමික කරුණාරත්න තවමත් ජාතික සංචිතයට තබා ඒ සංචිතයටවත් නම් කරන්නට තේරිම් කමිටුව කල්පනා කරන බවක් පෙනෙන්නට නැහැ.


සර්ව ආගමික චාරිත්‍ර මැද ඔවුන් පකිස්තානු සංචාරය සඳහා නික්ම යාමට සූදානම් වන මොහොතට අදාළව ඡායාරූප පහතින් දැක්වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...