මහ කන්නයේ අක්කර අට ලක්ෂ 200 ක වගා කරයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

මෙවර මහ කන්නයේ වගාව සඳහා ජලය මුදා හැරීම ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මහ කන්නයේ අක්කර අට ලක්ෂ 200 ක වගාව සිදු කිරීමට වාරි ජලය මුදා හරින බව , එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ විමල් රත්නසිරි ලන්දෙකුඹුර මහතා ප්‍රකාශ කළේය.

වී වගාව ඇතුළු අතිරේක භෝග වගාව සඳහා ද ජලය මුදා හැරෙන බව ඔහු පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මහා පරිමාණ ජලාශවල ජල මට්ටම මේ වනවිට පවතින්නේ 60% ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසන්නේ , මහවැලි කලාපවල අක්කර 247,500 ක් වගා කිරීමට මෙවර මහ කන්නයේ ජලය මුදා හරින බවයි.

එහි ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, ඔක්තෝම්බර් මාසයේ අපේක්ෂිත වර්ෂාවෙන් මෙවර ලැබී ඇත්තේ 50% ක් පමණක් බවයි.

එවැනි තත්ත්වයක් යටතේ අරපිරිමැස්මෙන් ජලය භාවිත කර වගා කටයුතුවල නිරත වන්නැයි අධ්‍යක්ෂවරයා ගොවීන්‍ගෙන් ඉල්ලීමක් කළේ ය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රෆා දේශසීමාව ගැන ඊශ්‍රායලයේ තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා...

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...